2024 ජනවාරි 04, ප.ව. 5:59
එංගලන්තයේ දිනක වැටුපට සාපේක්ෂව මෙරට දිනක් වැටුප හා සම්බන්ධ මිලදී ගැනීම් පිළිබදව සමාජ මාධ්‍යයේ මේ වන විට එක් ලිපියක් පිළිබදව දැඩි කතා බහට ලක් වෙනවා.
එහි සදහන් වන්නේ එරට තුළ ගන්නා වැටුපට සාපෙක්ෂව විශාල බඩු ප්‍රමාණයක් බලාපොරොත්තු වන බවයි. අපේ රටේ ජනතාව මේවන විට දැඩි පීඩනයක සිටින අතර ඒ පිලිබදව පළවූ අදාල සටහන පහතින්…
දුක හිතුන නිසා ලියමි..
ලෝකයේ අනිත් රටවල්වල මිනිස්සු තමුන්ගේ මූලික අවශ්‍යතාවය ” ආහාර ” සදහා ගෙවන්නේ වැටුපට සාපේක්ෂව ඉතා සුලු මුදලක්. අද මට ඒ වෙනස හොදටම දැනුන නිසා මේ ලියන්නේ.. පහුගිය සති කිහිපයේ ශොපින් උර දෙකකට බඩු ටිකක් දාගෙන රු 15000 ක් 20000ක් ගෙවලා ගෙදර ආවා.. පහල පින්තූරයේ තියෙන්නේ අද මම ගෙදරට ගෙනාපු බඩු ටික සහ එහි බිල..
(පින්තූරය දාන්නේ ලොකු කමට නෙමෙයි යථාර්ථය පෙන්වන්න ) අපි තුන්දෙනාට දින 07 කට පමණ මේ බඩු ටික ප්‍රමාණවත්. බිල පවුම් 134.67 යි.. ලංකාවේ මුදලින් රු 55,000 ක් පමණ. ඒ කියන්නේ මේ රටේ අවම වැටුප ලබන කෙනෙකුගේ පැය 12 ක පඩිය. පොඩි උදාහරණයක් ලියන්නම් කම්කරුවෙකුගේ දිනක සාමාන්‍ය වැටුප රු2000 ක් පමණ වෙන ලංකාවේදී කුකුල්මස් ( drumstick ) කිලෝ එකකට රු 1900 ක් ගෙව්වා..
අද එංගලන්තයේ පැය 8 ක් වැඩකරන කම්කරුවෙකුගේ දිනක අවම වැටුප රු 36,500ක් පමණ. කුකුල් මස් Drumstick කිලෝ එක රු 800 යි.. ඒ කියන්නේ මනුස්සයෙක් පැය 08 වැඩකලොත් කුකුල්මස් කිලෝ 45 ක් ගෙදර ගෙනියන්න පුලුවන්. වෙන මුකුත් ලියන්නේ නැහැ.. අපේ රටේ මිනිස්සු ගැන හරිම දුකයි. අවුරුදු 500 ක් අපිව එක එකා හූරගෙන කෑවා.. ඉතිරි අවුරුදු 75 අපේම මහ උන් අපිව හූරගෙන කෑවා..
නිමි. සුමේධ 03.01.2024
2024 නොවැම්‍බර් 13, පෙ.ව. 12:02
2024 නොවැම්‍බර් 13, පෙ.ව. 12:02
2024 නොවැම්‍බර් 13, පෙ.ව. 12:01
2024 නොවැම්‍බර් 12, පෙ.ව. 12:06
2024 නොවැම්‍බර් 12, පෙ.ව. 12:02
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24