hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 16, පෙ.ව. 10:29



ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු රවටා ඩීසල් කියා වතුර ලිටර් 60 ක බූලි තුනක් ලබා දී රුපියල් 24000ක මුදලක් වංචා කළ සිද්ධියක් බණ්ඩාරගමින් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සිද්ධියට මුහුණ පෑ එක් අයෙකු කුඩා වෑන් රථයකින් තැඹිලි විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙක් බවයි පැවසෙන්නේ.

ඉන්ධන පිරවුම්හල අසල දින පහක පමණ කාලයක් මොවුන් දෙදෙනා පෝලිමේ රැඳී සිටිමින් එකිනෙකා අඳුරගෙන මිතුරන් බවට පත්ව තිබෙනවා.

මේ අතරේදී ඔවුන් අසලට පැමිණි ආගන්තුක පුද්ගලයකු හොරෙන් පැන්නූ ඩීසල් වගයක් තියෙනවා අඩුවට දෙනවා ගන්නවා දැයි විමසා ඇති බවයි පැවසෙන්නේ.

දින කීපයකින් නිසි අයුරින් ආහාර නොමැතිව නිදා ගැනීමටත් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටි ඔවුන් දෙදෙනා එම පුද්ගලයාගේ යෝජනාවට කැමති වී දෙවරක් නොසිතා එය මිලදී ගැනීමට එකඟ වී තිබෙනවා.

මඳ වේලාවකින් පසු ආගන්තුක පුද්ගලයා රැගෙන විත් ඔවුන් අසල තබා තිබූ බූලි පරික්ෂා කිරීමේදී ඩීසල් බවට හැඟී යා මෙන් ඊට නියමිත රුපියල් 24000ක මුදලක් ද එම පුද්ගලයා වෙත ඒ මොහොතේම ලබා දීමට කටයුතු කර ඇති බව සඳහන්.

එක් අයකු වාහනයට දැමූ ප්ලාස්ටික් බූලිය පතුලින් කාන්දු වීමක් ඇති වී ඇති අතර ඒවා පරික්ෂා කිරීමේදී වතුර බවට හැඟී ගොස් ඇති අතර ඒ බව අනෙක් පුද්ගලයාට පැවසීමට යාමේදී ඔහු ද පවසා ඇත්තේ තමන්ගේ බූලි දෙකේම ඇත්තේද වතුර බවයි

ඔවුන් දෙදෙනාම ක්ෂණිකව තමන්ට ඩීසල් යැයි කියා වතුර ලබා දුන් පුද්ගලයා සොයා නගරය පුරා සැරි සැරුව ද එම ජාවාරම්කරු සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.