2022 ජූනි 21, ප.ව. 3:50
සිය රටට පිටත් වීම සඳහා හපුතලේ සිට ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ආ රුසියානු සංචාරකයකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා රුසියානු ජාතිකයා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වෙනවා.
සිය වාහනයට ඉන්ධන නොමැති වීම නිසා ගැලුම් දෙකක් රැගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි රුසියානු සංචාරකයාට ඉන්ධන ලබා ගැනීමට යාමේදී පැමිණ සිටි පිරිස දැක්වූ විරෝධතාව හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මෙවන් පසුබිමක තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්‍රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසක් සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කර තිබෙනවා.
දින දහතුනකට පසුව විසිඑක් වෙනිදා මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට පෙට්ට්ල් ලීටර් 6,600 ක ප්‍රමාණයක් ලැබුණු අතර ඒවා ලබා ගැනීමට දින ගණනාවක් ඉන්ධන පෝලිමේ සිටි යතුරුපැදි කරුවන් සහ ත්‍රීරෝද රියදුරන් මෙන්ම ප්‍රදේශවාසීන් ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔහුගේ ප්රණාමනය හිමි වුණා.
ගමනාන්තය දක්වා අවශ්‍ය පෙට්‍රල් ලබාගත් රුසියානු ජාතිකයා පෙට්‍රල් බෝතලය ලබාදීමට මැදිහත්වූ රියදුරට ඉන්ධන පිරවුම්හලෙන් ලබාදුන් ඉතිරි මුදල රියදුරුට ලබාදීමට කටයුතු කළද එම රියැදුරු මුදල ලබාගැනීමද ප්‍රතික්ෂේප කරමින් අතටදී ඔහුව යතුරුපැදිය අසලටම ඇරලීමට කටයුතු කර තිබෙනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20