2025 මාර්තු 31, ප.ව. 5:15
ගෙවුණු 18 වැනිදා අහන්න ලැබුණු රටම කම්පා කළ සිදුවීමකි, මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම මහනුවර කොටසේ සිදු වූ මාරක රිය අනතුර.
මෙම අනතුරින් කැලණි විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා ඒකක ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ගුණේන්ද්‍ර ගයන්ත මහතා සේ ම ඔහුගේ ආදරණීය බිරිඳ සතීෂා නිලන්ති මහත්මිය ද ඇයගේ එකම සහෝදරයා වූ රවිඳු තීක්ෂණ ද ජීවිතක්ෂයට පත්වුණා.
මේ මරණ ගැන, සිදුවූ අනතුර ගැන කෙරෙන කතාබහ තවම නිමව නෑ.
ඊට ප්‍රධානම හේතුව කථිකාචාර්‍ය ගුණේන්ද්‍ර ගයන්ත සහ ඔහුගේ බිරිඳ සතීෂා නිලන්තිගේ අභාවයන් එක්ක තනි වුණු හයක් හතරක් නොතේරෙන පුංචි පැටව් තිදෙනා.
මේ නිවුන් දරුවන් ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් පළවන අන්දම දක්නට ලැබුණා.
එයාකාර සටහන්වලට මියගිය සතිෂා නිලන්ති මහත්මියගේ බාප්පා වන ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විශ්‍රාමික නිලධාරියෙකු වන අයි.ඩී පත්මසිරි මහතා මෙලෙස පිළිතුරක් ලබාදී තිබුණා.
”මේ බිහිසුණු මාරක රිය අනතුරින් මියගොස් සිටින්නේ මගේ අයියාගේ දියණියයි.
මේ අනතුර ගැන ඇතැම් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා. ඒවා අපි හෙළා දකිනවා.
එම මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මේ නිවුන් දරුවන් තිදෙනා ගැන විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා.
මේ දරුවන් අපට බරක් නෑ. එම දරුවන් තිදෙනා මගේ අක්කගෙ දුව ළඟ සිටිනවා.
එම දරුවන්ට තවම බහ තේරෙන්නෙ නැහැ. නමුත් දරුවන්ට බහ තේරෙන විට ඔවුන් අම්මා ,තාත්තා කියන්නේ කාටද ?
මේ අනතුරින් රටක් වටින මිනිස් ජීවිත තුනක් රටට අහිමි වුණා.
එම දරුවන් රාත්‍රියේ නින්දෙන් අවදි වුණාම අම්මා, තාත්තා ඉන්නවද කියලා බලන බවක් අපට දැනෙනවා.
ඒ වෙලාවට අපට ඇති වන දුක දරාගන්නට බැහැ…”
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:37
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:21
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25