hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:04



දාහතර හැවිරිදි වියේ පසුවන බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කල බව කියන 17 හැවිරිදි වියේ පසු වන සිසුවෙක් ඊයේ (28) දින පෝද්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය අක්මිමන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අත්අඩංගුවට ගත් බද්දේගම ප්‍රදේශයේ පදිංචි සැකකරු සමග කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් තිබි ඇත.

දැරිය උපකාරක පංතියකට යන බව පවසා නිවසින් පිටවී සැකකාර පෙම්වතා සමග ත්‍රිරෝද රථයකින් ගොස් ඇත.

පෝද්දල පොලිස් බලප්‍රදේශයට අයත් පාළු ප්‍රදේශයකදි සැකකාර පෙමිවතා විසින් ත්‍රිරෝද රථය තුලදි දැරිය අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමුකොට ඇත.

සැකකාර පෙම්වතා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

පොද්දල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: