hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 10, පෙ.ව. 9:47



අනුරාධපුර ඥානක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුනු අරගලකරුවන් විසින් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා.

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවස ඉදිරිපිටට අරගලකරුවන් පැමිණේවි යන අවධානම හේතුවෙන් යුදහමුදාවේ 200 කට ආසන්න පිරිසක් කැඳවා ආරක්ෂාවටද යොදවා තිබීම විශේෂත්වයක් වුණා.

කෙසේ වෙතත් අරගලකරුවන් අද අලුයම 1.00ට පමණ පළමුව ඥානක්කාගේ නිවසට කඩා වැදුනු අතර එහිදී යුදහමුදාවේ සෙබලුනු පළමුව නිවස ආරක්ෂා කිරීමට පියවර ගත්තද පසුව අරගල කරුවන් විසින් ඥානක්කාගේ නිවස වටා ඉදිකොට තිබූ බැම්ම කඩා ඇතුලු වීමත් සමග යුදහමුදාව පසෙකට වී තිබෙනවා.

අනතුරුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ නිවසේ බඩු බාහිරාදියද සමහරක් ගම්වාසීන්ට බෙදා දීමෙන් පසුව නිවසට ගිනිතැබීම සිදුකල අතර නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන තිබෙනවා.

ඉන්පසුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ දේවාලයට කඩා වැදුනු අතර එහිදී ආගමික පිළිම කිසිවකටත් හානි සුදු නොකළ අතර දේපලවලට පමණක් හානි කර ඉවත් වී තිබෙනවා.

අවසානයේ නවනුවර මාර්ගයේ පිහිටි ඥානක්කාගේ බවට සැලකෙන හෝටලයට කඩාවැදුනු අරගලකරුවන් විසින් හෝටලයේ සියලුම දේපල කඩා විනාශ කොට ගිනිතැබීමද විශේෂ වුණා.

කෙසේ වෙතත් ඥානක්කාගේ නිවසට තිබූ ආරක්ෂාව නිවසට ගිනිතැබීමෙන් අනතුරුව දේවාලයට සහ හෝටලයට ලබා නොදී ආරක්ෂාක අංශ ඉවත්වීමටද පියවර ගෙන තිබුණා.