2023 ජනවාරි 04, ප.ව. 1:47
යාපනය නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියකදී දෙඇස් අමුතු පිහිටීමකින් යුතු එළුපැටවකු ප්‍රසූත කර ඇතැයි වාර්තා වෙනවා.
මෙම එළු පැටවාගේ දෙඇස් සාමාන්‍ය අයුරින් එළුවන්ගේ තිබිය යුතු ස්ථානයේ පිහිටා නොමැති අතර මෙම එළු පැටවාගේ දෙඇස් පිහිටා ඇත්තේ නලලේ බවට එළු පට්ටියේ හිමකරු විසින් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් එළුවා බිහිවීමෙන් පසුව එතරම් යහපත් සෞඛ්‍ය තත්වයකින් නොසිටි බවටත් එළු පැටවා ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාට යොමු කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති බවටත් එළුපැටවාගේ හිමිකරු වන කන්දසාමි බාස්කරන් කියා සිටියා.
මෙම එළුපැටවා යම් ජාන විකෘතිතාවයකින් ඉපදී ඇතැයි විශ්වාස කෙරෙන අතරම එළු පැටවා බැලීමට ප්‍රදේශයේ ජනතාවද පැමිණෙමින් සිටින බවටද එළු පැටවාගේ හිමිකරු වැඩිදුරටත් පැවසුවා.
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:27
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 15, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 14, ප.ව. 9:36
2025 අප්‍රේල් 14, ප.ව. 1:58