hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 02, පෙ.ව. 9:09



ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් “70 ලක්ෂයේ ජනතා පෙත්සම”ට අත්සන් කිරීම ඊයේ ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට දී සිදු වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඒ සඳහා විවිධ පුද්ගලයින් එක්ව සිටි බව ද වාර්තා වෙනවා.

ඒ අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් ගැන අපි ඔබට කියන්න හිතුවා.

ඒ තමයි විවාහ දිවියට එළැඹි නව යුවළක් ද පෙත්සම”ට අත්සන් කිරීමයි.