hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 10, ප.ව. 1:56



‘ගෝඨා ගෝ ගම පුස්තකාලය’ ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කිරීමට නිර්පාක්ෂික අරගලකරුවන් තීරණය කර තිබෙනවා.

මීට පෙර එක් වතාවක් එම පුස්තකාලය ඇතුළු අරගල භූමිය ගිණි තබා විනාශ කළා.

නැවතත් අලුතින් ස්ථාපනය කළ ‘ගෝඨා ගෝ ගම පුස්තකාලය’ ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රය වෙත ගෙන ඒමට තීරණය වී ඇති අතර එහි තිබූ සිය ගණනක පොත් තොගයක් මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්‍යාලයට රැගෙන විත් අවසන්.

අරගලය තවමත් අවසන් නොමැති බවත් කොළඹට පැමිණෙන සෑම දෙනාටම හැකි නම් එක් පොතක් රැගෙන එන ලෙසට ඉල්ලා සිටින බවත් ඔවුන් දැනුම් දී සිටිනවා.