hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 28, ප.ව. 3:01



පෙරුම්පුරා යුග දිවිය ආරම්භ කළ ඇයට තම ආදරණීය සැමියා සමග ආදර බස් දොඩමින් ජීවිතයේ රසමුසු තැන් සොයා යාමට තිබූ සොඳුරු අවස්ථාවන් ගිලිහී ගියේ කිසිවකුත් නොසිතු අයුරින්.

විවාහ වී දින 17කින් ඇයට සිය ජීවිතයෙන් සමුගන්නට සිදු වූයේ අනපේක්ෂිත ලෙසයි.

ඒ ඇය සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නට රෝහල්ගත වීමත් සමගයි.

ජා-ඇල පදිංචිව සිටි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම ඉකුත් මස 13 වන දින රසික ජයතිලක සමග විවාපත් වන්නේ ජීවිතයේ දහසක් ප්‍රාර්ථනා හද තුළ කැටි කොට ගනිමින්.

එහෙත් සිය ආදරණීයන් සෝ සයුරක ගිල්වමින් හර්ෂණීට සිදුවූයේ එම ප්‍රර්ථනා හද තුළම තැන්පත් කර ගනිමින් අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගන්නටයි.

හර්ෂණීගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බවත්, ඇයට සැත්කමක් සිදුකළ යුතු බවත් වෛද්‍යවරයා දැනුම් දී තිබෙනවා.

වෛද්‍යවරයාගේ ප්‍රකාශයත් සමග නිවැසියෝ වහා ඇය රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය තිස් එක් වැනිදා ඇය එම පෞද්ගලික රෝහලේදී සැත්කමට භාජනය කර තිබෙනවා.

ශල්‍ය කර්මය සිදුකිරීමෙන් අනතුරුව අසාධ්‍ය වූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර පසුගිය 25 වැනි දින ඇය දිවියෙන් සමුගත්තා.

ඇයගේ වියෝව සම්බන්ධයෙන් ඇයගේ මිතුරියක් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්,

සෝ සුසුම් මැද හර්ෂණීගේ නිසල දේහය නිවසට – උපන්දින සැමරුමකුත් ලෑස්ති කරලා (VIDEO)

“ඩොක්ටර් හරි සිම්පල් විදියට කතා කළේ – මගේ වැඩේ මම හරියට කළා කිව්වා” – වැරදුණ සැත්කම කළ වෛද්‍යවරයා ගැන හර්ෂණීගේ සහෝදරයා කියන කතාව

“එයා ගොඩක් වේදනා විදලා නැති වුණේ” – සැත්කම වැරදීමෙන් මිය ගිය හර්ෂණී ගැන කියමින් සොහොයුරා සංවේදී වෙයි

ජීවිතයෙන් සමු ගන්න කලින් හර්ෂණී සැමියා සමඟ රෝහලේගත කළ සුන්දර වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (VIDEO)

සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ සිදුවීමේ ඇත්ත හෙලිවෙයි

සැත්කමින් පසු දිවි අහිමි වූ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියා තැබූ ආදරණිය සටහන

දොස්තර පුද්ගලික රෝහලක මිසීලත් එක්ක නටපු නාඩගම් එළියට (PHOTOS)