2022 ජූනි 27, ප.ව. 12:11
හෝමාගම මාගම්මන ප්රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නට හේතුව කාමරයේ තිබූ ඉන්ධන පිරවූ භාජනයකට ඇවිළීම බවට මේ වන විට කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
එම භාජනයේ තිබූ ඉන්ධන ක්රම ක්රමයෙන් වාෂ්ප වී නිවෙසේ කාමරය තුළ රැඳී තිබීමත් ඊට කුඩා ගිනි පුළිඟුවක් වැනි කාරකයක් මෙම ගින්නට හේතු වී ඇති බවත් පොලිසිය සැක කරයි.
මෙම ගින්නෙන් එක ම පවුලේ මව , පියා සහ දියණියන් දෙදෙනා ම පිලිස්සුම් තුවාල ලබා ඇති අතර මේ වන විට මවත් පියාත් මරණයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි දියණිය කොළඹ ජාතික රෝහලේත් 4 හැවිරිදි දියණිය රිජ්වේ ළමා රෝහලේත් ප්රතිකාර ලබන බවට වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය අයගේ මව මෙසේ අදහස් දක්වා සිටියා,
“මම දන්නේ නැහැ මම කාමරේ නිදාගෙන හිටියේ. 7 හමාරට විතර මම බත් කාලා කාමරේට ගියාම දොර වහ ගත්තම ඇහෙන්නේ නැහැ. කිසි සද්දයක් ඇහුනේ නැහැ මට. මට මුකුත් ඇහුනේ නැහැ. ළමයා අඩනවා ඇහෙනවා. හැමදාමත් ළමයා අඩනවා මම ගණන් ගන්නේ නැතුව මම බුදියගත්තා. ඊට පස්සේ ප්රියන්ත ඇවිල්ලා මට කතා කෙරුවා නැන්දේ නැන්දේ කියලා. එතකොට මම ඇහුවා කෝ ලසන්ත කියලා. ලසන්ත ඉස්පිරිතාලෙ කිව්වා. එතකොට ළමයි? ඒගොල්ලොත් ඉස්පිරිතාලෙ කිව්වා. ඔයා එනකොට කට්ටිය දොරවල් කඩාගෙන ඉස්පිරිතාලෙට අරන් යනවලු. මුකුත් මම දන්නේ නැහැ.මට මොකුත් ඇහුනෙත් නෑ. මම දන්නෙත් නැහැ.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20