hit counter

2025 අගෝස්‍තු මස 01 වන සිකුරාදා

2025 අගෝස්‍තු 01, පෙ.ව. 12:02



පහුගිය දවසක (ජූලි 25) ලෝක ප්‍රකට ගායන තාරකාවක් සහ නිළියක් වන ජෙනිෆර් ලෝපෙස් අකරතැබ්බයකට මුහුණදුන්නා.

ඒ, වේදිකාව මැද ඇගේ සාය ගැලවී යාම නිසාවෙන්.

කොහොම නමුත් මේ අකරතැබ්බයට ජෙනිෆර් අපූරු ආකාරයට ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ නිසාම ඈට ලැබිලා තිබුණෙ හොඳ පැසසුමක් කිව්වොත් හරි.

සිද්ධිය වෙලා තිබුණෙ, පෝලන්තයේ වෝර්සෝ හි ප්‍රසංගයක් අතරතුර.

සාය ශරීරයෙන් ලිස්සා යාමත් එක්ක, ඇයට සිද්ධ වෙනවා යට ඇඳුම් සහිතව වේදිකාවේ රැඳී සිටින්න.

කොහොම නමුත් මුලින් ඊට ඇය පුදුම වන ආකාරයක් පෙන්නුම් කළත්, පසුව ඈ ඊට සිනාසෙමින් නර්තන ශිල්පීන් සමඟ විහිළු කරමින්, නරඹන්නන් හට, “මම මෙතැන ඉන්නේ මගේ යට ඇඳුම් එක්ක!” කියලා කියන ගමන් තත්ත්වය සාමාන්‍යකරණය කරගන්නවා.

ඒ විතරක් නෙවෙයි, “මම යට ඇඳුම් ඇඳගෙන සිටීම ගැනත් මම සතුටුයි. මම සාමාන්‍යයෙන් යට ඇඳුම් අඳින්නේ නැහැ…” කියලත් ඇය කියනවා.

ඉන්පසුව, ඇයගේ නර්තන ශිල්පිනියක් ගැලවී ගිය සාය නැවත සවි කිරීමට උත්සාහ කරන තෙක් ලෝපෙස් බලා සිටිනවා.

ඒ අතරතුර, සංගීත කණ්ඩායම ඇගේ “‘Birthday’” ගීතය ප්ලේ කරනවා.

ලෝපෙස්ගේ 56 වන උපන්දිනය යෙදී තිබුණේ ඊට පෙර දින.

ඒ වෙනුවෙන් ඇය සිය නවතම ගීතය ‘Birthday’ මැයෙන් නිකුත් කළා. උපන්දිනය සැමරුවේ තෙමහල් කේක් ගෙඩියකුත් කපලා.

කොහොම නමුත්, අදාළ වීඩියෝවට අනුව නර්තන ශිල්පිනියට සාය නැවත නිසි ලෙස සවි කිරීමට නොහැකිව යනවා.

එහි ප්‍රතිඵලයක් හැටියට, ජෙනිෆර් ලෝපෙස් එම ඇඳුම ප්‍රේක්ෂකයන් වෙතට විසි කර දමනවා.

මෙම සිදුවීම විදෙස් මාධ්‍යවල වැඩි කතාබහට ලක්වෙන්නේ, වේදිකාවේදී පවා ඕනෑම තත්වයකට නිර්භීතව හා හාස්‍යජනක ලෙස මුහුණ දීමේ ජෙනිෆර් ලෝපෙස්ගේ හැකියාව මනාව පෙන්නුම් කරමින් වීම විශේෂයි.

ලෝපෙස්ගේ ආන්දෝලනාත්මක මේ ප්‍රසංගය, වසර හයකට පසු ඇය ආරම්භ කළ පළමු සංගීත චාරිකාවේ ම කොටසක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: