2024 පෙබරවාරි 18, පෙ.ව. 12:13
එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගීත ගයමින් නගරවලට ගොස් මුදල් උපයන සරත් රූපසිංහ නොහොත් පොඩි ජෝති විසින් සිය ප්‍රියතම ගායකයාට කෘතගුණ සැලකීමක් ලෙස බස් නැවතුම්පොළ තුනක් හදා ජනතාව අයිතියට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එච්.ආර්.ජෝතිපාල මහතාගේ 88 ට වැනි උපන්දිනය නිමිත්තෙන් ඔහු මෙම කාර්යය ඉටු කර ඇත්තේ ඔහු සතු එකම වාහනය වන ත්‍රීරෝද රථය උකස් කර ගත් මුදලින් සහ ජෝතිපාල මහතාගේ ගී ගායනා කරමින් උපයන මුදලිනි.
මේ යටතේ මාර්ග අංක 137 මොරගහහේන පිළියන්දල මාර්ගයේ ඔලබොඩුව තොටුපල අසල, ඔලබොඩුව පාසල ඉදිරිපිට සහ බටුවිට හන්දි අසල මෙම බස් නැවතුම්පොළ තුන ඉදිකර ජනතා අයිතියට පත් කෙරිණි.
මේ සත්කාරය පිළිබඳ අදහස් දැක්වූ පොඩි ජෝති නොහොත් සරත් රාජසිංහ මහතා මෙසේ සඳහන් කළා.
දවසක් මම බටුවිට හන්දියේ ඉන්නකොට බඩ දරුවන් අම්මා කෙනෙක් හිටියා. බස් එකේ නගින්න .එතැන තිබුණු බස් හෝල්ට් එක අබලන්.ඇතුළෙත් අඩි භාගයක් වතුර. තහඩු ඔක්කොම හිල් වෙලා තිබුණා. තවත් දවසක මම දැක්කා ඔලුබොඩුව ඉස්කෝලේ ඉස්සරහ ළමයි තෙමෙනවා. එතැනත් චූටි බංකු කෑල්ලක් ගහලා තිබුණේ. තොටුපොළ හන්දියෙන් ඔය වගේම බස් එකට නගින්න මිනිස්සු තෙමි තෙමි හිටියා. ඒ ගමන මම ගෙදර ඇවිත් කල්පනා කළා කොහොම හරි මේ බස් හෝල්ට් තුන හදන්න ඕනෑ කියලා .මා අතේ සතයක් තිබුණෙ නැහැ. මම හිතාගත්ත දැන් දන්සල් 25ක් විතර දුන්නනේ.ඒ නිසා මේ ගමන ඊට වඩා දෙයක් ජෝති මහත්තයා වෙනුවෙන් කරනවා කියලා. පසුගිය අවුරුද්ද දෙසැම්බර් 6 වැනිදා වැඩ පටන් ගත්තා.
මුලින්ම මම කළේ ත්‍රීරෝද රථය උගසට තබා රුපියල් පනස් දහසක් ගන්න එක.ඊට පසුව වෙනදට වඩා වැඩියෙන් ජනයා ගැවසෙන තැන්වල ජෝති ගී ගායනා කළා .එවන් දිනවල හැන්දෑවට ලැබෙන රුපියල් හාර පන්දාහෙන් මම කරන්නේ සිමෙන්ති කොට්ටයක් අරගන්න එක. නැත්නම් අමානෝ තහඩුවක් ගන්න එක. සිමෙන්ති ගල් ටිකක් මිලදී ගන්න එක. එහෙම නැත්නම් පින්සලක් තීන්ත ටින් එකක් මනිස් ලෑල්ලක් අරගන්න එක. මේ අඩුම කුඩුම සියල්ල ලොරියක පටවාගෙන එන්නේ මගේ ත්‍රීරෝද රථයෙන්. ඒ වගේම තවත් හිතවත් ව්‍යාපාරිකයන් කීපදෙනෙකුගෙන් ණයට බඩු ගත්තේ ගී ගයා ඉදිරියේදී ණය පියවන අපේක්ෂාවෙන්.
හැම දෙනාගේම පැසසුමට ලක් වූ මේ අවස්ථාවට ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා.
සත්කාරය කළ පොඩි ජෝති නොහොත් සරත් රාජසිංහ මහතා ජෝතිපාල මහතාගේ රුව සහිත ටී ෂර්ට් එකක් පැලඳ සිටිමින් ජෝතිපාල මහතාගේ ගී ගායනා කීපයක් කරමින් උත්සවයට පැමිණ සිටි පිරිස රසවත් කිරීමට ද කටයුතු කළා.
2025 ජනවාරි 11, පෙ.ව. 12:01
2025 ජනවාරි 10, පෙ.ව. 12:09
2025 ජනවාරි 09, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, ප.ව. 4:54
2025 ජනවාරි 08, පෙ.ව. 12:06
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
10-01-25
09-01-25
09-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25