hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 12:13



එච්.ආර්.ජෝති­පාල මහ­තාගේ ගීත ගය­මින් නග­ර­ව­ලට ගොස් මුදල් උප­යන සරත් රූප­සිංහ නොහොත් පොඩි ජෝති විසින් සිය ප්‍රිය­තම ගාය­ක­යාට කෘත­ගුණ සැල­කී­මක් ලෙස බස් නැව­තු­ම්පොළ තුනක් හදා ජන­තාව අයි­ති­යට පත් කිරී­මට පිය­වර ගෙන තිබෙනවා.

එච්.ආර්.ජෝති­පාල මහ­තාගේ 88 ට වැනි උප­න්දි­නය නිමි­ත්තෙන් ඔහු මෙම කාර්යය ඉටු කර ඇත්තේ ඔහු සතු එකම වාහ­නය වන ත්‍රීරෝද රථය උකස් කර ගත් මුද­ලින් සහ ජෝති­පාල මහ­තාගේ ගී ගායනා කර­මින් උප­යන මුද­ලිනි.

මේ යටතේ මාර්ග අංක 137 මොර­ග­හ­හේන පිළි­ය­න්දල මාර්ගයේ ඔල­බො­ඩුව තොටු­පල අසල, ඔල­බො­ඩුව පාසල ඉදි­රි­පිට සහ බටු­විට හන්දි අසල මෙම බස් නැව­තු­ම්පොළ තුන ඉදි­කර ජනතා අයි­ති­යට පත් කෙරිණි.

මේ සත්කා­රය පිළි­බඳ අද­හස් දැක්වූ පොඩි ජෝති නොහොත් සරත් රාජ­සිංහ මහතා මෙසේ සඳහන් කළා.

දව­සක් මම බටු­විට හන්දියේ ඉන්න­කොට බඩ දරු­වන් අම්මා කෙනෙක් හිටියා. බස් එකේ නගින්න .එතැන තිබුණු බස් හෝල්ට් එක අබ­ලන්.ඇතු­ළෙත් අඩි භාග­යක් වතුර. තහඩු ඔක්කොම හිල් වෙලා තිබුණා. තවත් දව­සක මම දැක්කා ඔලු­බො­ඩුව ඉස්කෝලේ ඉස්ස­රහ ළමයි තෙමෙ­නවා. එතැ­නත් චූටි බංකු කෑල්ලක් ගහලා තිබුණේ. තොටු­පොළ හන්දි­යෙන් ඔය වගේම බස් එකට නගින්න මිනිස්සු තෙමි තෙමි හිටියා. ඒ ගමන මම ගෙදර ඇවිත් කල්පනා කළා කොහොම හරි මේ බස් හෝල්ට් තුන හදන්න ඕනෑ කියලා .මා අතේ සත­යක් තිබුණෙ නැහැ. මම හිතා­ගත්ත දැන් දන්සල් 25ක් විතර දුන්නනේ.ඒ නිසා මේ ගමන ඊට වඩා දෙයක් ජෝති මහ­ත්තයා වෙනු­වෙන් කර­නවා කියලා. පසු­ගිය අවු­රුද්ද දෙසැ­ම්බර් 6 වැනිදා වැඩ පටන් ගත්තා.

මුලින්ම මම කළේ ත්‍රීරෝද රථය උග­සට තබා රුපි­යල් පනස් දහ­සක් ගන්න එක.ඊට පසුව වෙන­දට වඩා වැඩි­යෙන් ජනයා ගැව­සෙන තැන්වල ජෝති ගී ගායනා කළා .එවන් දින­වල හැන්දෑ­වට ලැබෙන රුපි­යල් හාර පන්දා­හෙන් මම කරන්නේ සිමෙන්ති කොට්ට­යක් අර­ගන්න එක. නැත්නම් අමානෝ තහ­ඩු­වක් ගන්න එක. සිමෙන්ති ගල් ටිකක් මිලදී ගන්න එක. එහෙම නැත්නම් පින්ස­ලක් තීන්ත ටින් එකක් මනිස් ලෑල්ලක් අර­ගන්න එක. මේ අඩුම කුඩුම සියල්ල ලොරි­යක පට­වා­ගෙන එන්නේ මගේ ත්‍රීරෝද රථ­යෙන්. ඒ වගේම තවත් හිත­වත් ව්‍යාපා­රි­ක­යන් කීප­දෙ­නෙ­කු­ගෙන් ණයට බඩු ගත්තේ ගී ගයා ඉදි­රි­යේදී ණය පිය­වන අපේ­ක්ෂා­වෙන්.

හැම දෙනා­ගේම පැස­සු­මට ලක් වූ මේ අව­ස්ථා­වට ප්‍රදේ­ශයේ ගෞර­ව­නීය මහා සංඝ­ර­ත්නය සහ ප්‍රදේ­ශ­වා­සීන් විශාල පිරි­සක් එක්ව සිටි­යා.

සත්කා­රය කළ පොඩි ජෝති නොහොත් සරත් රාජ­සිංහ මහතා ජෝති­පාල මහ­තාගේ රුව සහිත ටී ෂර්ට් එකක් පැලඳ සිටි­මින් ජෝති­පාල මහ­තාගේ ගී ගායනා කීප­යක් කර­මින් උත්ස­ව­යට පැමිණ සිටි පිරිස රස­වත් කිරී­මට ද කට­යුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: