2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
බොලිවුඩය හොල්ලන ‘ඛාන්ලා’ තුන්දෙනා, එහෙමත් නැත්නම් ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ අමීර් ඛාන් එකම වේදිකාවට ගොඩවෙලා තිබුණා.
ඒ, සෞදි අරාබියේ රියාද් හි පැවති ‘Joy Forum 2025’ හිදී.
එහිදී ඔවුන් දශක තුනකට වැඩි කාලයක් හින්දි සිනමාව බබළවන ඔවුන්ගේ දිගුකාලීන තරු ගුණය, මිත්‍රත්වය සහ ඔවුන්ගේ ගමන ගැන අදහස් දක්වා තිබුණා.
සල්මන් එහිදී ඔවුන්ගේ තරු ගුණය ගැන කියලා තිබුණෙ මෙන්න මෙහෙම කතාවක්,
“අපි කවුරුත් අපිව තරු කියලා හඳුන්වන්නේ නැහැ. සමහර මාධ්‍යවේදීන් ‘සල්මාන් ඛාන්, තරුව’ හෝ ‘අමීර් ඛාන්, සුපිරි තරුව’ කියලා ලියන්න හෝ හඳුන්වන්න පුළුවන්. නමුත් අපි ඒක කොහෙත්ම අනවශ්‍ය ලෙස අදාළ කරගන්නේ නැහැ.
මා වැනි සාමාන්‍ය පුද්ගලයින් තිරයේ තරු බවට පත් කරන්නේ අධ්‍යක්ෂවරුන්, කැමරා අධ්‍යක්ෂවරුන්, ලේඛකයින් සහ ප්‍රේක්ෂකයින්….”
ෂාරුක්ට අනුව, යමෙක් තරුවක් බවට පත්වන්නේ ඔහු රසිකයන් සමඟ ඇති කරගන්නා චිත්තවේගීය සම්බන්ධතාවය නිසායි.
“අමීර් අතිශයින්ම සංවිධානාත්මකයි. ඔහු කතාවක් කියන්න ගොඩක් මහන්සි වෙනවා.
සල්මන්ට නිදහසේ රංගනයට පිවිසෙන්න පුළුවන්. මොකද ඒක හදවතින්ම එන දෙයක්.
මම මේ දෙකම ඒකාබද්ධ කරන්න උත්සාහ කරනවා.
නමුත් අවසානයේ, අපි තුන්දෙනාගේ සහ අනෙකුත් සියලුම තරුවල මූලික වටිනාකම තියෙන්නෙ අපේ චිත්‍රපටවල ඇති චිත්තවේගීය සම්බන්ධතාවයක් නිසා.
සමහර විට ඒක අපේ සංස්කෘතිය වෙන්න පුළුවන්. නැත්නම් අපි ඉන්දියාවට අයිති නිසා වෙන්න පුළුවන්.
කතාව කුමක් වුවත්, කොහේ හරි පවුල් සම්බන්ධතාවයක් තියෙනවා.
මම හොඳ මිනිහෙක්, නරක මිනිහෙක්, සතුටු මිනිහෙක්, දුප්පත් මිනිහෙක් හෝ පොහොසත් මිනිහෙක් ලෙස රඟපානවා නම්, අපි රඟපාන ඕනෑම චරිතයක්, මම හිතන්නේ එහි සංස්කෘතික කොටස සහ චිත්තවේගීය සම්බන්ධතාවය භාෂාවේ සහ වේදිකාවල සීමාවන් ඉක්මවා යනවා.
මම ප්‍රේක්ෂකයින්ට සේවය කිරීමේ යුතුකම ඉටුකරනවා. පසුගිය අවුරුදු 35 තුළ මගේ රසිකයන් මට ලබාදුන් ආදරය සහ සහයෝගයට මම සදහටම කෘතඥ වෙනවා.
මම සල්මන් ඛාන් සහ අමීර් ඛාන් දෙස බලා ඉන්නවා.
ඔව්, මම තවමත් සල්මන් දිහා බලාගෙන ඉන්නවා !
ඔවුන් සමඟ එකම වේදිකාවක වාඩිවීමට ලැබීම ගැන මම ඇත්තටම කෘතඥ වෙනවා…”
මේ කතාවට අමීර් මෙලෙස එක්ව තිබුණා.
”අපි තරු වුණේ කොහොමද.. සමහර විට අපි තුන්දෙනාම හින්දි සිනමාවේ කොටසක් වෙන්න ඉන්දියාවේ ඉපදීමට වාසනාවන්ත වූවා විය හැකියි. අපි වෙනත් තැනක ඉපදුණා නම්, අපි මෙහි නොසිටින්න තිබුණා…”
සැසියේ එක අවස්ථාවක සල්මන්, පෙන්වා දුන්නේ ඔහු සහ අමීර් යන දෙදෙනාම චිත්‍රපට පවුල්වලින් පැමිණි බවයි.
පසුව, “නමුත් මෙහි මේ මිනිසා එසේ කළේ නෑ. ඔහු ආවේ දිල්ලියේ සිට..” යනුවෙන් ෂාරුක් දෙසට අත දිගුකර තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින්, ෂාරුක් සඳහන් කර තිබුණේ,
“සල්මන්, මට සමාවෙන්න. මමත් චිත්‍රපට පවුලකින් පැමිණි කෙනෙක්.
සල්මන්ගේ පවුල මගේ පවුලයි. අමීර්ගේ පවුල මගේ පවුලයි….” යනුවෙන්.
මෙම සැසියේදී ඛාන්වරුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට, අමීර් සුබ කාරණයක් ද හෙළිකර තිබුණා.
ඒ, චිත්‍රපටයක් සඳහා එකට එකතුව වැඩ කිරීමට ඔවුන් තිදෙනා ම සූදානම් බව.
“නිවැරදි පිටපත සොයා ගැනීම පමණයි කාරණේ. ඉතින් බලාපොරොත්තු වෙනවා,
අපි තුන්දෙනාටම වඩාත්ම වැදගත් වන පිටපත එය වේවි….”
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:17
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25