hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 මැයි 26, පෙ.ව. 5:22



පෙරේදා (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු කළද තවමත් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියලක පාඩුවක් සිදු වන බවයි.

ඉන්ධන අලෙවියෙන් රජය රුපියලක් පාඩු ලැබීම හේතුවෙන් ඒ සඳහා ඉන්ධන පිරවුම්හල්වල කැට තබා පාඩු වන රුපියල එකතු කිරීමට අනුරාධපුරයේ ජනතාව පියවර ගෙන තිබෙනවා.

මහජනතාව මෙලෙස ණයට තෙල් ලබා ගැනීමට කටයුතු කිරීමට සූදානම් නොමැති බවත් ඒ අනුව මෙලෙස සිදුවන පාඩුව කැටයකට එකතු කර බලශක්ති අමාත්‍යවරයාට යැවීමට කටයුතු කරන බවයි එහි සිටි ජනතාව සඳහන් කළේ.