hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 03, ප.ව. 2:32



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සිය රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා දීර්ඝ පෝලිමක රැඳී සිටින අයුරු දැක්වෙන පින්තූරයක් සහ පෝස්ටුවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

එරි සඳහන් වන අන්දමට නම් සංගක්කාර සම දෙනාටම ආදර්ශයක් වෙමින් පෝලිමේ ගොස් තම අවශ්‍ය කටයුත්ත සිදු කරගෙන තිබෙනවා.

එලෙස හුවමාරු වෙන සටහන පහතින්,

ලයිසන් අලුත් කරගන්න ඉන්න පෝලිමෙ පැය දෙකක විතර ඉඳලා ඉන්නෙ කවුද කියලා අඳුරගන්න පුලුවන්ද ?

නිලධාරින් දහයකට වැඩිය ඇවිත් අහනවා

” ඔයා ඇයි පොලිමෙ ඉන්නෙ ඔයා එන්න ඇතුලට යන්න “

” අවුලක් නෑ තව පොඩ්ඩයිනෙ “

ඒ ඔක්කොමලටම දුන්නෙ එකම උත්තරය..

ඒ නිහතමානී කමට ගරු කරනවා..