2025 අගෝස්‍තු 10, පෙ.ව. 12:06
”දෑස පියාගත් කළ මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ දෑස පියාගත් කළ මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ කුමාරියේ…
අමතක නොවේ, ලස්සන රුවේ, සිත සැනසුවේ…”
ජැක්සන් ඇන්තනී මේ ගීය ගයද්දි, ඔබට මට මතක් වෙන එකම කුමාරිය ඇයයි.
ඈ, ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහයි.
මෙම ගීතය ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ එන ගීතයක් වුව, ගීතය මේ දැන් ඇහුවත් අපට හැඟෙනුයේ ජැක්සන් ඇන්තනී සිය ආදරණීය බිරිඳ, කුමාරි මුණසිංහ වෙනුවෙන් ගයන සේය.
ඇයට ද එහි කිසිදු වෙනසක් නැත.
ඇයට අනුව, නාට්‍යයට විතරක් ඒ කුමාරිය තමන් නොවුණත්,,, ඉන් පසු ගැයූ සෑම තැනකදීම ජැක්සන් ගැයූ කුමාරිය තමායි…
”මට හුඟක් දැනුණු තැනක් තමයි ජැක්සන් ගායකයෙක් වුණු මුල් අවස්ථාව. ඔහු පළමුවෙන්ම ගායනා කරපු ගීතය තමයි ”දෑස පියාගත් කළ” කියන ගීතය.
ඒ ගීතය සුසීමා ටෙලි නාට්‍යයේ….
මා සඳහා ගැයූවක් නෙවෙයි. කුමාරියේ කියන්නෙ මට නෙවෙයි. වෙනත් කෙනෙකුට.
හැබැයි ඒ නාට්‍යයට විතරයි.
එතනින් පස්සෙ එයා ගායනා කරපු හැම තැනදිම, ඒ ගායනාව නැවත ගුණ ගැයුමක් වෙච්ච හැමතැනකම ඔහු ගැයුවෙ මට. මම ඒක දන්නවා.
ඔහු ඒ ගීතය ගායනා කරනකොට මම පුදුම ආශාවකින්, සංවේදීකමකින් තමයි මම අහගෙන ඉන්නෙ.
ඒ ගීතය කවුරු ගායනා කළත්, ඒ කෑල්ල ඇහෙනකොට ජැක්සන් මට කියනවා වගේ හිතෙන්නෙ….”
උපුටාගැනීම : Charana TV | Dwandha (ද්වන්ධ)
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26