hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 14, ප.ව. 1:21



නිල් චිත්‍රපට කිහිපයක රඟපෑ සුරූපි නිළීයක් තවත් සුරූපි නිළියන් හා සුරූපී කතුන් මෙරට ඉහළ පැලැන්තියේ ධනවතුන්ට අලෙවි කළ ජංගම ගණිකා ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට තවත් තොරතුරු ගණනාවක් හෙළි වී තිබෙනවා.

මෙම නිළිය, කොළඹ තරු පන්තියේ හෝටල්වලට, නිවාස සංකීර්ණවලට සහ සමාජ ශාලාවලට නිළියන් රැගෙන ගොස් අලෙවි කරන බවටයි තොරතුරු වාර්තා වන්නෙ.

මත්ද්‍රව්‍ය සාද ඇතැම් තරු පන්තියේ හෝටල්වල සංවිධානය කර විදේශිය නිෂ්පාදිත ඉස්තරම්ම වර්ගයේ මත්පැන් පමණක් නොව අයිස් මත්ද්‍රව්‍ය පවා පාවිච්චි කරමින් ඇතැම් ධනවතුන් ඔවුන්ගේ සිතැඟි පරිදි ගෙන්වා ගත් නිළියන් හා හැසිරෙන බැව් පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

පොලිසිය උපාය දූතයෙකු මාර්ගයෙන් මෙම වැටලීම සිදු කරනු ලැබූ අතර, ඉල්ලන ඕනෑම ගාණක් ලබාදෙන හෙයින් මෙම ජාවාරම මෙහෙයවන නිළිය ඊට එකහෙළාම කැමැත්ත පළ කර තිබුණා.

මෙම ජාවාරම මෙහෙයවන නිළිය ගම්පහ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් වනවා. ඇය ඒ සමයේ (කාම චිත්‍රපට රැල්ලක් තිබූ සමයේ) කාම චිත්‍රපට 6ක පමණ රංගනයේ යෙදී ඇති අතර, ඒ ඇතැම් චිත්‍රපට අතිශය ආන්දෝලනයට ලක් වූ ඒවා ද වුණා.

ඉන් අනතුරුව ක්ෂේත්‍රයෙන් කලක් අස්ථානගත ව සිටි ඇය වැඩිහිටි විහිලු කරමින් යූටියුබ් නාලිකාවක් හරහා ද ප්‍රේක්ෂකයින් ට සමීපව තිබුණා. එපමණක් නොව ඉන්ස්ටග්රැම් සමාජ මාධ්‍යයේ ද ඇය සරාගී ඡායාරූප පළ කරමින් නිරන්තරයෙන් සක්‍රීයව සිටින බැව් අපට නිරීක්ෂණය වුණා. මෙම නිළිය අතිශය ජනප්‍රිය නළු සැන්ඩෝ හැරිස් සමඟ ද කාමුක දර්ශන සඳහා පෙනී සිට තිබෙනවා.

නිළිය හැරෙන්නට අනකුත් සිව් දෙනාම පුද්ගලික ආයතනවල ඉහළම තනතුරු දරන අය වන අතර, ඔවුන් මෙම රැකියාවේ නියැලෙන්නෙ සැමියන්ද නොදැනුවත්ව වීම විශේෂත්වයක්.

ගණිකා ජාවාරම මෙහෙයවන බව කියන නිළිය සතුව තිබූ ජංගම දුරකතනයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටි සුප්‍රසිද්ධ නිළියන් ගණනාවකගේම ඡායාරූප සහ විස්තර ඇතුළත්ව තිබෙනවා.

එම නිළියන්ද ධන කුවේරයන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බැව් පොලිසිය සඳහන් කරනවා.

ඇතැම් ධනවතුන් මෙම නිළියන්ව ඔවුන්ගේ නිවෙස්වලට (ඔවුන් හුදකලාව සිටින මොහොතවල්වල) ගෙන්වා ගෙන ඇති අතර, ඇතැමුන් එකවර සුරූපිනියන් පස් හය දෙනෙකු ගෙන්වා ගෙන ඇති බැව් සඳහන්.

පොලිසිය සඳහන් කරන ආකාරයට ධන කුවේරයන් කිහිප දෙනෙකු එක් වී තරු පන්තියේ ඇතැම් හෝටල්යලට ඇතැම් නිළියන් ගෙන්වාගෙන නිරුවතින් ඔවුන් සමඟ නටා විනෝද වීම පවා සිදුකර තිබුණා.

සමාජයේ ඉහළ පැලැන්තිය නියෝජනය කරමින් තමන්ට සුඛෝපබෝගී දිවි පෙවතක් ගත කිරීමේ අරමුණින් මෙම වෘත්තියේ යෙදෙන බවත් රැකියාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා ඊට පෙළඹුණු බවත් ඔවුන් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන සැකකාර නිළිය නිළියන් හා සුරූපිනියන් රුපියල් 45000සිට ලක්ෂය දක්වා මුදලකට අලෙවි කර ඇති බැව් සඳහන්.

පොදු කටයුතුවලදි අත දිගහැර වියදම් කරන මේ තරුණියන් හැඩ වැඩ වීම සඳහා ලක්ෂ ගණනින් මාසයකට මුදල් විය පැහැදම් කරනු ලබනවා. එසේම සම පැහැපත් කරගැනීමට ඔවුන් විවිධ එන්නත් වර්ගද ලබාගන්නා බැව් ඔවුන් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාවන් පස් දෙනා සමාජ රෝග විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කර ඒ හා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට මේ වන විට කටයුතු සිදුවනවා. වැඩිදුර පරීක්ෂණ මොරගහහේන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: