hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූලි 02, පෙ.ව. 12:04



අනතුරු නිසා අහිමිවෙන අහිංසක ජීවිත බොහෝමයක් ගැන අප අසා තිබෙනවා.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්.

බක­මුණ සොමි­යල් හංදියේ දී ⁣යතු­රු­පැදි දෙකක් එකට ගැටී­මෙන් පාසල් සිසු­වෙකු මිය­ගොස් තිබෙනවා.

ඔහු සමග ගමන්ගත් තවත් තරු­ණ­යකු තුවාලලබා බක­මුණ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

යතු­රු­පැදි අන­තු­රින් මිය­ගොස් ඇත්තේ නික­පි­ටිය ඉහළ නුගේ පාර පදිංචි ⁣වෙල­න්ගහ වත්තේ ගෙදර ලකිඳු පින්සර නැමැති 18 හැවි­රිදි තරුණයෙක්.

ඔහු බක­මුණ මහ­සෙන් මහා විදු­හලේ ඉගෙ­නුම ලබන සිසු­වෙක් ද වෙනවා.

පෙරේදා උදේ මාතලේ පැවැති උප­කාර පංති­ය­කට සහ­භා­ගිවී නැවත බක­මුණ නග­ර­යට පැමිණ බක­මුණ සිට නික­පි­ටිය නිවස බලා සැගල ගම්මා­නයේ පදිංචි හිත­ව­තකු සමඟ පැමි­ණෙන අත­ර­තුර සොමි­යල් හංදියේ දී මෙම අන­තුර සිදුවි තිබෙනවා.

බක­මුණ සිට පැමිණි යතු­රු­පැ­දිය පිටු­ප­සින් පැමිණි මෙම මාර්ග­යේම ගමන් ගත් වෙනත් යතු­රු­පැ­දි­යක ගැටී මිය­ගිය තරු­ණයා යතුරුපැදි­යෙන් ඉව­තට වැටි ඇති බවද යතු­ර‍ෙ­පැ­දි­යෙන් මාර්ග­යට වැටණු අව­ස්ථාවේ මාර්ගයේ ගමන් ගත් ලොරි­යක ගැටී තුවාල ලබා ඇති බව ද අන­තුර පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වන බක­මුණ පොලි­සිය සඳ­හන් කළා.

අන­තු­රින් තුවාල ලැබු ඔහු බක­මුණ රෝහ­ලට ඇතු­ළත් කළ පසු මිය­ගොස් තිබෙනවා.

අන­තු­රින් තුවාල ලැබු ⁣සැගල ගම්මා­නයේ පදිංචි තරු­ණයා පොලො­න්න­රුව රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර , යතු­රු­පැ­දියේ ගැටුණු ⁣පිටු­ප­සින් පැමිණි යතු­රු­පැ­දිය පැදවූ පුද්ග­ලයා සහ ලොරි රථයේ රියැ­දුරු බක­මුණ පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණා.

බක­මුණ පොලි­සිය අන­තුරු දෙක පිළි­බඳ පරී­ක්ෂණ පව­ත්වනු ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: