hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 ජූනි 06, ප.ව. 12:51



ඉතා දක්ෂ ආකාරයට පන්දු යවන කුඩා දරුවෙකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

එම වීඩියෝව දුටු හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සඳහන් කළේ හැකි නම් එම දරුවාව සම්බන්ධ කර දෙන ලෙසයි.

අදාළ දරුවා වීරවිල කුඩාගම්මාන 19 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු නමින් දිනෙත් අනුහස්.

අනුහස් වයස අවුරුදු 9ක් වන ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙක්.

”මම ලසිත් මාලිංග මාමා බලන්න හරිම කැමතියි. මම කැමතියි ලෙදර් සෙල්ලම් කරන්න. මට ලෙදර් බෝලෙකුයි බැට් එකකුයි හම්බ වුණොත් ඇති. බෑග් එකක් ඕනේ ඉස්කෝලේ යන්න. තාම ඉස්කෝලේ දාන්නේ එක වසරේ ඉදන් දාපු සපත්තු දෙක” දිනෙත් අනුහස් මෙසේ අදහස් දක්වා සිටියා.

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ලසිත් මාලිංග ඉදිරි දිනකදී මෙරටට පැමිණිමෙන් පසු දිනෙත්ව හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දිනෙත් අනුහස් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් වීඩියෝවක් සිය මුහුණුපොතට එක්කරමින් ඔහු සඳහන් කළේ පුහුණු කරන්න පවා අමාරු හැකියාවක් ඔහුට පිහිටා ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: