2026 මාර්තු 27, පෙ.ව. 11:13
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන් බව වාර්තා වෙයි.
කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුවූ අතර මීට පෙර නිකුත් කළ සිතාසියකට අනුව විත්තිකරු අද අධිකරණයට පෙනී සිට ඇත.
අධිචෝදනා භාරදීමෙන් පසු, විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට නියම කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනාවට අනුව, 2016 දී ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:18
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26