hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 31, පෙ.ව. 11:00



ඊයේ කොළඹදී ආරම්භ වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා.

උමාරා සිංහවංශ විසින් මෙම ගායනය සිදු කළ අතර එය ශ්‍රී ලංකා ජාතික ගීය මෙතෙක් ගායනා කළ ආකාරයට වෙනස් ආකාරයකින් ගැයීම සම්බන්ධයෙන් මෙම විවේචනයන් එල්ල වෙමින් ඇත.

ක්‍රිකට් ආයතනයටත්, තරගාවලිය සංවිධායකයන්ටත්, ගැයූ ගායිකාවටත් මේ ගැන චෝදනා එල්ලවෙමින් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ද සිය මුහුණුපොතේ සටහනක් ද පළ කිරීමට අමතක කර තිබුණේ නැහැ.

එමෙන්ම ඔහුගේ රගහල ප්‍රසංගයට සහභාගී වීමට පසුගියදා උමාරා සිංහවංශ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් තමා සතුටු වන බවද ඉරාජ් සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: