hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 16, පෙ.ව. 2:08



කලා ලෝකේ පසුගිය කාලයේ ජනප්‍රිය වුණු යුවලක් හැටියට මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හඳුන්වන්න පුළුවන්.

ඔවුන්ගේ ආදර කතාව ජනප්‍රිය වීමත් එක්ක මේ යුවලට ලැබුනු රසික ආදරය නම් අඩුවක් නැහැ. 

ඒ උණුසුම යන්නත් කලින්ම ඔවුන් දෙදෙන එක් වී ගීතයක් නිර්මාණය කළා.

එය නමින් “ප්‍රේමයට සීමාවක් නෑනේ”.

වෙනස්ම සංකල්පයක් අනුව සිනමාත්මක ආභාෂයත් එක්ක නිර්මාණය කරපු මේ ගීතයේ පද රචනය කළේ සහ ගීත රූප රචනාව අධ්‍යක්ෂණය කළේ කසුන් මහේන්ද්‍ර හීනටිගල.

එය ගායනා කරන්නේ කවුරුත් දන්න කියන මාධවී ඇන්තනී විසින්.

මේ ගීතයේ එක් චරිතයක් නිරූපණය කරන්න ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි සහභාගි වුණා.

කසුන් ඇය සමඟ ඇති අතීත මතකයක් ඔහුගේ සමාජ ජාලාවල මෙසේ අකුරු කර තිබුණා.

“මං කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ හදාරන කාලෙ නාට්‍ය හා රංග කලා ගුරුතුමී රත්නා මිස්. විෂයක් හැටියට ඒලෙවල් වලට ඩ්‍රාමා නොකළට මිස්ගෙ ඕනෑම පාසල් නාට්‍යයකට ගීත ලියල දෙන්න කියන සැණින් මං මගෙ අනෙක් වැඩ සේරෝම නවත්තල එදා ඒක කළා. අද මං ලියලා අධ්‍යක්ෂණය කරපු ගීතයක රූප රචනාවට මගේ සහ මාධවීගෙ ආරාධනාවෙන් රත්නා මිස් බොහොම ආදරයෙන් එකතු වුණා. ජීවිතේ කියන්නෙ මහ පුදුම ගොඩක එකතුවක්. අපි වයසින් පෙනුමෙන් කරන කියන දේවල් වලින් මුහුකුරා ගිහින්. අනේ රත්නා මිස් තාමත් එදා කොට්‍රෑන්ගල් එක ඉස්සරහ කොරිඩෝවෙ ඇවිදගෙන ආව වගේම තරුණයි ලස්සනයි ළයාදරයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: