hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 ජූලි 04, පෙ.ව. 12:06



කසුන් – මාධවී දෙන්නගෙ ලෝකේ, පුංචි කෛලාෂ් පුතුට මාස හතයි.

කාලෙ ගෙවෙන ඉක්මන…. කෛලාෂ්ගෙ හුරතල් දකින ඔයාටත් එහෙම හිතුණා නේද.

ඔන්න ඉතින් පුංචි පුතු පැටියා එක්ක අම්මියි අප්පච්චියි දෙන්නා අපූරු සේයා රූ කිහිපයකුත් මුහුණුපොතට එකතු කරලා තිබුණා.

ඒ අතර මාධවී සුවිශේෂී සේයාරුවකුත් හැමෝමත් එක්ක බෙදාගෙන…

ඒ වෙනින් කාගෙවත් නෙවෙයි, කෛලාෂ් බබාගේ සීයාතාත්තාගේ.

සීයාතාත්තා අද ළඟ නැති වුණත්, සීයාතාත්තාගේ පුංචි කාලේ හැඩරුව, කෛලාෂ් බබා ඒ විදියටම අරන් ඇවිත්.

ඒ අරුමැසි කතාව මාධවී කාටත් කියලා තිබුණෙ මෙන්න මෙහෙමයි…

”මගෙන් ඔයාලා හුඟක් දෙනෙක් මේ ෆොටෝ එක ඉල්ලුවානේ.

ඉතිං එහෙනම් මේන්න ඉන්නවා සීයාතාත්තා බබයි කෛලාෂ් බබයි.

මයෙ අප්පච්චි අද හිටියනම් එයා තමයි මේ ෆොටෝ එක දාන්නෙ හරි ආඩම්බරෙන්.

ඒකෙ කැප්ශන් එකට මෙහෙම එකක් ලියයි. “මගෙ එකීගෙ පොඩි එකයි මායි”

ජාන කියන්නෙ මාර දේවල්!”

උපුටාගැනීම සහ ඡායාරූපය : Madhavee Anthony ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: