2026 පෙබරවාරි 02, පෙ.ව. 12:21
මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.
රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.
නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව සටහනක් මුහුණු පොතට එක්කර තිබුණා.
”මම කුමාරයෙක් නෙවෙයි. රජවෙන්නෙත් නැති
ඒත් උබ අපිට රජෙක්….
”සිනහ සක්විති”
වත්තේගම කියන්නෙ කදු වලින් වට උන ගමක්..
1982 මම කුඩා කොල්ලෙක්…ඒ ගමේ ජීවත් උන…
අපිට නොමිලේ ලැබුන සන්තෝසයක් තමා වත්තෙගම ආරිය සිනමා ශාලාව..
ආරි නැන්ද
අපෙ අම්මගෙ අය්යගෙ නෝනා..
ඉතිං අපි එන හැම ෆිල්ම් එකම බප්ප මාමගෙ ආරිය සිනමා හලේ එක එක තැන ඉදගෙන බලනවා…නොමිලේ….
“චංචල රේකා” චිත්‍රපටිය අපි එහෙම ගොඩාක් බලපු ෆිල්ම් එකක්…
සිනමා සක්විති ගාමිනි
සුරූපි නදීකා චිත්‍රපටි ශාලාවේ ලොකු තිරයේ
පෙනෙන කොට….
අපි බලන් හිටියේ එක නලුවෙක් එනකම් හිනා වෙන්න….
එයා කරන හැම දේටම අපි කෑ ගහල හිනා උනා… ඒවා ගෙදර ඇවිල්ල එයා වගේ කරන්න හදල , බිම පෙරලි පෙරලි හිනා උනා….
අපේ හිත් වල වත්තෙගම වට කරන් හිටිය මහා කදු වල මතක පැලවුනා වගේ…
ගාමිනී ෆොන්සේකාකන්ද වගේම..
අපිව හිනස්සපු බන්දු සමරසිංහ කන්දත් බැබලුනා..
දිලිසුනා…
සැතපුනා…
අපි ඒ කදු දිහා…
අල්ලන්න තියා ලන්වෙන්නවත් නොහිතා..
ඈතට වෙලා සිප ගත්තේ…
අපේ තරම අපි දැනන් හිටිය නිසා….
කාලය වේගයෙන් ගෙවුනා..
අර වත්තෙගම ලිපිනයක් විතරක් තිබ්බ කොලු ගැටයට…
මගේ රටේ ආදරනීය නුබල නමක් දුන්න…
මම ඒ නම අරන් ජීවිතේ කියවගෙන යන දවසක…. මට එක එක කදු හෙවන දුන්න..ලගටම ඇවිත් ආදරෙන්…
මට මහත් ලෙස ආදරේ කල,
මම මහත් ලෙස ගරු කරන..
ඒ මහ කන්දක් මගෙ කනට ලස්සන රහසක් කිව්වා….
මගේ මූන අල්ලල ආදරෙන් අත් දෙකෙන් කම්බුලට
ගහල මට විතරක් කිව්ව රහස, එතන හිටිය හැමෝටම ඇහෙන්න, ඔක්කටම ඇහෙන්න කිව්වා….
මගෙ පපුව බර උනා…
මට මාව මතක් උනා…
එක පාරටම…මම දැක්ක…
වත්තෙගම ආරිය සිනමා හලේ..
මම ගැලරියෙ ඉදන්.. පොඩි කමට හිනා වෙනවා…
කලු සුදු තිරයේ හිටිය බංදු සමරසිංහ නම් මහා මිනිහට….
මම අත්දෙක එකතු කරල..
හදවතින් උබට වැන්දා…
අපිව හිනස්සපු
මහා කන්දට… පොඩි එකෙක් වගේම ම්ම පපුවෙන් වැන්දා….
ආදරනීය බංදු අයියේ…
මහා කලාකරුවෝ..
උබ හිනැස්සුවෙ…
උබ සන්තෝස් කලේ..
උබ පුරවල දැම්මේ..
මගේ රටේ හීන අමතක වෙච්ච මිනිස්සු..
බඩේ ඒ වෙලාවෙ බත් නොතිබ්බ මිනිස්සු..
හිනාව උදුරාගෙන ගිය මීනිස්සු …
ජීවිතේ තැලිල තැලිලා හෙම්බත්වෙලා හිටිය මගෙ රටේ පපු…
උබ නිසා හිනා උනා ලොකූ…
සත පහ අතේ නැති වෙලාවක උබ උන්ට කෝටිගානක හිනා බෙදුවා…..
ආදරනීය මහා කන්ද..
ෆ්‍රෙඩී මාමා වගේම..
මම පිං කරල තිබ්බ ලොකු අයියේ..
ලොකු නලුවෝ..
ලොකු සර්…
උබලගෙ ආදරේ ලබන්න..
උබ නිසා හිනාවෙන්න…
මම මැරෙනකම්…
මාව හිනස්සපු කිසිවෙක් අමතක කරන් නෑ..
මමත් බඩේ බත් නැතිව..
හිතේ සන්තෝස නැතිව..
හිනාව උදුරගත්ත කාලගෙවපු..
මනුස්සයෙක්…..
එහෙම දවස් තිබ්බ, තියෙනව, තවත් තියෙයි..
හැබැයි….
උබ එදත්
අදත්
හෙටත් අපිට සන්තෝස..
අපිට හිනා ගෙනෙන…
අපේ රටේ මහා ලොකු සතුටු කන්දක්….
ඒ කන්ද එදා , එතන හිටිය අපේ උන්ට, කෑ ගහල කිව්ව…
“”මේ ඉන්නෙ මගෙ කුමාරයා…
මේක කුමාරයෙක්… හැබැයි කවදාවත් රජ නොවෙන.. කුමාරයෙක් කියලා….
උබ ලොකෙ කොහේ හිටියත්..
උබ කුමාරයෙක් වගේ ඉදපන් කියල..””
මට එහෙම කියද්දි මූන අල්ලන්..
සත්තයි බංදු අයියේ…
මට දැනුනා…
මම කොච්චර පොඩිද කියලා..
උබල ඉස්සරහ….
මම කුමාරයෙක් නෙවෙයි…
හැබැයි වත්තෙගමට ඉර පායනකොට වටේ තිබ්බ හැම කන්දම දිලිසුනා…
යෝදයන් වගේ….
අපි දැනන් හිටියා අපිට කවදාවත්..
ඒ කදු තරම් ලොකු වෙන්න බැරි බව…
ඒ කන්ද මගේ මූන අත ගාල..අරෙහෙම කියද්දීත්…
මගේ පපුව අස්සෙන් මම දැක්කේ…
ඉර එලිය කදු අස්සෙන් වැටෙනකොට වත්තෙගම පොඩි කොලුගැටයට..
කදු පෙනුනා වගේම…
මගෙ ඉස්සරහ මන් ඈතින් වැන්ද මහා කන්දක්.. මගෙ පපුව අත ගෑව වගේ…
මහා කාලයක් ජීවත් වෙයන් මගෙ ලොකු අයියේ…
පොරොන්දු වෙනවා…
රජ නොවෙන්න…
හැබැයි මැරෙනකම්…
මම මගේ කුමාර කතාව ලියන්නම්…
අපි හැමොම අපිට කුමාරයො..
අපි හැමෝම අපිට කුමාරියො…
එහෙම හිතුවට අපි ජීවත්වෙයි..දැනගෙන…
ලොකු අයියේ මම කුමාරයෙක් නෙවෙයි..
ගමක හිටිය පොඩි කොල්ලෙක්….
හැබැයි ලොකූ…
මට මැරෙනකම්…
උබලා මහා කදු…
නුබට දීර්ගායු මගෙ හිනා කන්ද…
මගෙ පපුවෙ සන්තෝසය ඇන්ද..
මගේ රටේ පපු වල සතුට බැන්ද
මම අදත් අත් දෙකම උස්සල වැන්ද…
මම කුමාරයෙක් නෙවෙයි ..
හැබැයි උබ මගෙ පපුවට රජෙක්..
සිනා සක්විත්තෝ…..
මදු මාදව සිනහසක්විතිවින්ද…”
”මම කුමාරයෙක් නෙවෙයි..
හැබැයි උඹ මගෙ පපුවට රජෙක්..”
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:38
2026 පෙබරවාරි 01, පෙ.ව. 12:19
2026 ජනවාරි 31, පෙ.ව. 12:10
2026 ජනවාරි 30, ප.ව. 3:33
2026 ජනවාරි 30, ප.ව. 2:22
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26