hit counter

2025 ජූනි මස 12 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 11, පෙ.ව. 12:03



“ඉතිං අපි ආ දුර බොහෝමයි

දරාගෙන අපි අපිවම…. .

අයියයි, මමයි, මල්ලියි

21 උඩුරාවන පාර වත්තේගම …

ඒ තමා අපේ ජීවිතේට ගහපු පලමු ලිපිනය…

තියෙන අහිංසක සෙල්ලම් බඩු බෙදාගෙන..

අපි පුංචි කමට ගොඩාක් දේවල් හිතුවා…

අයියගෙ මලකඩ කාපු පිහිය වගේ පිහියක් කවදා හරි මමත් ගන්නවා කියල හිතුවා…

මල්ලිට විතරක් දම්මි නර්ස් නැන්දා ගෙනල්ල දෙන ත්‍රිපෝශ පැකට් කාමරයක පුරවල

ඇති තරම් සීනි දාගෙන , මොකෙට්ටවත් නොදී තනියම කන්න දහසක් හීන පැතුවා…

ඒත් අපි හීනෙන්වත් පැතුවෙ නෑ..

අම්ම තාත්තා අපි සහ අපේ ගෙදරින් පිට ලෝකයක්…..

අපිව අපේ හීන වල අලවන්න..

අපේ මහ ගෙදර විකුනල අම්මයි තාත්තයි…

කොලබට අපිට පාවඩ දැම්මේ ..

හොමිරන් පැස් පාට කූරු පෙට්ටිවල වගේ එක එක පාට හීන එකට අතුරල….

ඉතිං එක බඩ වැල කඩන් ආව කියල..

එකට ජීවිතේ ඉන්න බෑ කියල දැන් අපි දන්නව…

මහ ගෙවල් කියල එකක් නෑ..

අපි ජීවත් වෙන ගෙදර අපිට මහ වෙනව කියල අපි දන්නව…

අපිට කියල ලිපිනයක් නෑ..

අපි ජීවිතේ යන අන තැන

නැවතුන තැන නැවතිල ඉන්න කන්

අපේ ලිපිනය කියල අපි දන්නව…

මට ත්‍රිපෝශ එපා මගෙ මල්ලියේ..

උබේ මලකඩ කාපු පිහියත් කවදාවත් එපා..මගෙ අයියේ…

මට මහ ගෙදරත් එපා….

ඒත් මැරෙන්න කලින්…

අපි තුන් දෙනා…….

එකම එක දවසක් හරි…..

ආයෙමත් මේවගේ…

නමක් ගමක් නැතිව..

එක පෙලට ගුලිවෙලා දවසක් ගෙවමු….

එදාට හිතුනොත්…

අපි කෑ ගහල හිනා වෙමු…

හිතුනොත් කෑ ගහල අඩමු….

අපි හැමෝම… ලිපිනයක් නැති මිනිස්සු…

ලිපින වෙනස්කල මිනිස්සු….

මුද්දර වෙනස් කල මිනිස්සු….

දවසක අපිට වගේම..

මෙය කියවන ආදරනීය ඔබටත් වැටහේවි…

ජීවිතේ කියල අපි ඔන තරම් දේවල් පෙන්නුවත්….

ජීවිතේ කියන්නේ ඔබ…..

තමන් අත හරින්න එපා….

තමන් තමන්ට හිටියොත්…

හැම හීනෙකටම..

මැරෙනකම්..

පාට තවරන්න පුලුවන්…

මන් මේ මාව මිරික…

තවරන්නේ..

සමරන්නේ..

මගේ පපුව…

මගෙ අයියට මල්ලිටවගේම

කියවන ඔබටත් ඇති ….

පරන කලු සුදු මතක..

ඒවා පාට කරන්න පුලුවන්…

ඔබට පමනයි….

පරිස්සමට පාට කරන්න..

පපුවටත් දැනෙයි…

පාට පාට හිතුවිලි…

ඒවා ආයෙ එන් නෑ කියල පපුව රිද්දගන්න එපා..

එහෙම මතක අපිට තිබ්බා කියල පපුව සනසගන්න….

මේ ගෙවන අද දවසත් ආයෙ එන්නෙ නෑ කියල ආදරෙත් හිතල…. ජීවිතේ කෙටිම කෙටි

මතක පොතේ කලු සුදුවට තියා ගන්න..

දවසක ජීවිතේ අපි හුස්ම ගන්නකන්

විටින් විට ඒවා පාට කරමු…

ආදරනීය මතකෙන්…

මදු මාදව මතකවින්ද…”

ඡායාරූප සහ උපුටාගැනීම : Madhu madhawa aravinda ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: