2023 ජනවාරි 18, ප.ව. 2:52
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන සුදන්ත තිලකසිරි මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් රුපියල් කෝටි 10ක වන්දි ගෙවන්නැයි නියම වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම මුදල ජනතාවගෙන් එකතු කර දීමට ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව සුදන්ත තිලකසිරි මහතා කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී ජනතාවගෙන් කැටයකට මුදල් එකතු කර තිබුණා.
එලෙස එකතු කර තිබූ රුපියල් 1810ක මුදල හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබුණා.
“පව්නෙ මෛත්‍රීපාල සිරිසේන සල්ලි නැති නිසා දඩය ගෙවා විදිහක් නෑ අද මම පිටකොටුවට බැහැලා tin එකක් දික්කරලා හිඟා කෑව ඊට පස්සේ ඒ හිඟා කාපු සල්ලි ටික මෛත්‍රිට ගිහිල්ලා බාරදුන්නා” යැයි සුදන්ත තිලකසිරි මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.
2025 මැයි 15, ප.ව. 1:35
2025 මැයි 15, පෙ.ව. 10:30
2025 මැයි 15, පෙ.ව. 9:38
2025 මැයි 15, පෙ.ව. 12:10
2025 මැයි 15, පෙ.ව. 12:08