hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 25, ප.ව. 9:14



ශ්‍රී ලංකා – කැන්ගරු අවසන් එක්දින තරගය අතරතුර පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස ක්‍රියා කරන ලසිත් මාලිංග යොවුන් ක්‍රීඩක දුමිත් වෙල්ලාලගේට ‘පුදුම කිරීමක්’ සුදානම් කර ඇති බව පසුගිය දවසක වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කළා.

ඉතින් මාලිංග එම පුදුම කිරීම කුමක් දැයි සඳහන් කරමින් ඔහුගේ යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක් කර තිබුණා. 

“වයස අවුරුදු 19ක ඉතාමත් කුඩා ඉතාම දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක්. මං ඒ වගේ ටැලන්ට් එකක් මගේ ක්‍රීඩා කරන කාලේ අඩුවෙන් දැකලා තියෙන්නෙ. මට ඒ දේ (දුනිත්ට දෙන්න යන දේ) ලැබුණේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කෙනෙක්ගෙන්. මගේ පළවැනි තරගය පරාජයට පත්වුණා. පරාජයට පත්වුණාට පස්සෙ ක්‍රීඩා කරපු මට සිහිවටනයක් විදිහට මුකුත් ගන්න බැරිවුණා. මොකද අපි පරාද වුණු නිසා. ඇඩම් ගිල්ක්‍රිස්ට් ඇවිත් මේක දීලා කිව්වා, ඔයා ගොඩක් දක්ෂයි, ඔයා තාම පොඩියි, මං හිතනවා ඔයා කවදහරි හොඳම තැනකට යයි කියලා, මට ඒ දුන්නා. මම ඒක පරිස්සට ගෙනාවා. මම ඒක ගෙදර රාමු කරලා අරන් තියෙනවා. දැන් මට තේරෙනවා ඒක කොච්චර වටිනවද කියලා…”

https://youtu.be/KpcBVaoh1XE