hit counter

2025 මැයි මස 30 වන සිකුරාදා

2025 මැයි 29, පෙ.ව. 12:11



තනිව කාමරයක් තුළ දොර වසාගෙන ඉකි ගසමින් හඩන්නට තරම් පපුව තුළ වේදනාවක් දැනෙන මොහොතක නිලි රැජිණගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි තවත් පිරිසක් ටික් ටොක් කර තිබෙනවා.

හෙළයේ නිලි රැජිණ මාලනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වෙන ආකාරයක් ව්‍යාජ ලෙස පෙන්වමින් ඇතැම් නිලියෝ ටික්ටොක් කරනු දැකිය හැකි වුණා.

එලෙස ව්‍යාජ ලෙස ගෞරව කරන ආකාරය තවත් කෙනෙක් ලවා ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ගන්නා අයද අපිට දකින්න පුළුවන් වුණා.

මේ අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට රැස් කකා සිටි පිරිස අතර තවත් නිළියන් සිනහ නගමින් සෙල්ෆි ජායාරූප වලට පෙනී සිටි ආකාරය දැකිය හැකි වුණා.

මේ තමයි ව්‍යාජ කණගාටුව, මේකප් එකක් දා ගත් පමණින් නිළියක් වෙන්නේ නැති බව තේරුම් ගන්න ඒ TikTok හොඳටම ප්‍රමාණවත්.

මේ වෙනකොට සමාජ මාධ්‍යවල මාලිනියගේ අවසන් කටයුතුවලින් පසු නළු නිලියන් කළ වීඩියෝ කිහිපයක්ද සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.

එලෙස හුවමාරු වන වීඩියෝව සත්‍ය අසත්‍යභාවය සම්බන්ධයෙන් තිලිණ බොරලැස්ස සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙන්නේ මෙලෙසයි.

Page කිහිපයක පලකර ඇති මේ විඩ්යෝව සම්බන්ධවයි.

මෙවර වෙසක් පෝයට අපි විසින් ලබා දුන්න දන්සල අවසානයේ සිකුරු ඇවිත් නාට්‍ය කණ්ඩායම එම නාට්‍යයේ අවසානයට සුහද හමුවක් පැවත්වුනා . එහි විඩියෝ අපේ කණ්ඩායමේ කලාකරුවන්ගේ facebook ගිනුම් වලින් අරගෙන වැරදි title දාලා විවිධ page වලින් නැවත post කරලා තියෙනවා.

Page reach වෙයි හැබැයි කරපු වැඩේ බාල වැඩක්……

ඒ සඳහා නිල්මිණි තෙන්නකෝන් ද කමෙන්ටුවක් තබා තිබුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: