2025 මැයි 26, ප.ව. 5:27
”නිකමට ගිහින් අම්මාගේ මංගල ඡායාරූපය දිහා බලන්න. අදින් අවසන් වෙන්නේ මාලිනීගේ යුගය විතරක් නෙමෙයි, 2000ට කලින් උපන් අපේ අම්මලාගේත් යුගය.
අද අපෙන් සමුගන්නේ අපේ අම්මලාගේ යුගයේ ලංකාවේ හිටපු biggest female influencer! ඊට වඩා ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් ආවෙත් නෑ, එන්නෙත් නෑ. ඇයට “නිළි රැජිණ” කියලා කිව්වේ ඒකයි.
ඇතැම් දෙනා මේ දින කිහිපය පුරාම මාලනීට අමතරව විජය කුමාරතූංගව වේදිකාව මතට ඇද්දා. මම ඒක කරන්න කැමති නෑ. හේතුව, “විජය නැතුව මාලනී කෙනෙක් නෑ”, කියන අදහස මීළඟ පරපුරට නොයැවිය යුතුයි. මාලනී හැමදාම හිටියා. ගාමිණී ආවා, ගාමිණී ගියා, විජය ආවා, විජය ගියා, ජීවන් ආවා, ජීවන් ගියා, සනත් ආවා, සනත් ගියා. ඔය කවුරු ආවත් ගියත් මාලනී හිටියා. රැජිණ එයා.
රංගන ශිල්පී කුමාර තිරිමාදුර ඊයේ කිව්වේ, “මම එයාගේ තරුණ කාලේ රූපයේ මතකය ලස්සනට මගේ හිතේ තියාගෙන ඉන්නවා. මට එයාව මේ විදියට (නිසල දේහය) බලන්න ඕන නෑ. මං බැලුවෙත් නෑ”, කියලා. ඒ අතින් බැලුවහම මාලනී තමයි අපේ තාත්තලාගේ පරපුරේ පිරිමි බහුතරයක ක්‍රෂ් එකත්! බහුතරයක නෙමෙයි, “අති බහුතරයක”!.
තිරිමාදුර කියනවා ඇයට “නිළි රැජිණ” නොකියා, “සිනමාවේ අම්මා” කියන්න කියලා. ඔහුට ඒකට රංගනමය හේතුවක් තිබුණා. ඒත් මට තියෙන්නේ වෙන හේතුවක්.
ස්වර්ණා මල්ලවාරච්චි විසින් නියෝජනය කළේ පීඩිත ගැහැණිය. සෝනියා දිසා, නීටා ප්‍රනාන්දු, වීණා ජයකොඩි විසින් නියෝජනය කළේ යොවුන්, දඟකාර ගැහැණිය. අනුලා කරුණාතිලක තමයි අපේ හීන වල පමණක් ඉන්න චරිතවත්, වැදගත් ගැහැණිය. ඒවා ඔක්කොම අන්ත.
ඒත් මාලනී ෆොන්සේකා තමයි ශ්‍රී ලංකාවේ “ඇත්ත ගැහැණිය” නිරූපණය කළේ. ඇයට අන්තයක් නෑ. ඇය තමයි දුක-සතුට මැද දෝලනය වෙන, වරදින-හරියන, අඬන-හිනාවෙන, වැටෙන-නැගිටින සමස්ත ගැහැණියට පාර කියපු තාරකාව.
පීඩනයෙන් මිරිකිලා නොමැරී, කඳුලු අතරින් සිනාසුණු ගැහැණිය. ආදරයේම දැවෙමින්, ආදරයේම පිපෙමින්, ආදරයම බෙදමින් සමාජය ඔසවාගෙන සිටි ගැහැණිය. ඒ ගැහැණුන්ගෙන් තමයි අපේ අම්මලාගේ පරපුර හැදුණේ. සමාජයක් හැඩගස්වන්නට සිනමාව විසින් ලබාදෙන උත්තේජනය ඒ තරම් ප්‍රබලයි. ඒ ප්‍රබල මාධ්‍යය තුළින් මුළුමහත් සමාජයක කාන්තාවගේ දිශානතිය හැඩගස්වන්නට මාලනී ෆොන්සේකා විසින් සිදුකළ ඒ බලපෑම අති ප්‍රබලයි. අපේ අම්මලාගේ පරපුර කොණ්ඩ හැදුවේ, ඇන්දේ පැළන්දේ මාලනී විදිහට.
අපේ අම්මලාට තරුණ කාලේ පෙනුණේ මාලනී ෆොන්සේකා වගේ තරු. කොටින්ම කිව්වොත්, සැමියාට පෙම් බැඳගෙන, දුක-සතුට දෙක සම සිතින් දරාගෙන, අපි ඇතුළු පවුලක්ම ඔසවාගෙන, අපේ අම්මලා ඇවිද්දේ මාලනී විසින් සිනමාව තුළින් පෙන්නපු පාරේ. අදත් එවැනි අම්මලා ඉන්නවා තමයි. ඒත් ඔවුන්ට නැවත එවැනි සිනමාවක්වත්, මාලනී ෆොන්සේකා කෙනෙක්වත් නෑ.
මම විලාසිතා වලට එරෙහි මිනිහෙක් නෙමෙයි. ඒත් ශ්‍රී ලංකාවේ පරපුරක ප්‍රබලම කාන්තා ඉන්ෆ්ලුවන්සර්ගේ කය නැවත සොබාදහමට එක්වන දවසේ මට මෙහෙම හිතෙනවා.
කිටිකිටියේ තදවුණු පපුව, අලි පස්ස, ටැටූ, පියර්සින් සහ නොයෙක් විසකුරුත්තම් වලින් තොරව, අවම මේකප් එකකින් පිරිමියෙකුගේ ඇස් හොරාගන්න පුළුවන් මාලනී ෆොන්සේකා වගේ ස්වභාවිකවම සුන්දර ගැහැණු බිහිවෙන්නේ හරිම කලාතුරකින්. ඇයගේ ලස්සන ගැන මේ දවස් කිහිපයේ ලියැවිලා තිබුණු අටෝරාසියක් හෑලි ඊට සාක්කි.
ඒක යුගයක්. ඒ යුගය අදින් අවසන්. දැන් ඉතින් අලුත් වෙමු. අලුත් ලෝකය පිළිගනිමු.
මාලනී ෆොන්සේකා මැතිණියට සුබ ගමන්!
– අසංක හදිරම්පෑල.”
2025 සැප්තැම්බර් 08, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 08, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 10:38
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:06
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25