hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, පෙ.ව. 12:02



සූප ශාස්ත්‍රයට අපේ රටේ කාන්තාවන්ට තියෙන්නේ කොහොමත් උපන් හැකියාවක්… ඇය ඒ හැකියාවත් , අපේකමත් අපූරු සුසංයෝගයක්.

සවින්ද්‍රි පෙරේරා, මේ වෙනකොට ඇයව ගොඩක් දෙනෙක් හඳුනා ගන්නේ ”MasterChef Australia” තරගාවලියට එක්වුණු ශ්‍රී ලාංකික යුවතියක් ලෙසයි.

දැන් ඒ සිදුවීම ඊට වඩා විශේෂ වූවක්.

ඇය දැන් එම  තරගාවලියේ අවසන් තුන්දෙනාගේ වටයට තේරිලා.

කොහොම වුණත් සවින්ද්‍රිට මේ තරගයේදී අනපේක්ෂිත සිද්ධියකට මුහුණදෙන්න සිදුවෙලා.

ඇයට මෙම තරගාවලියේ එක් වටයකදී ඉවත් වීමට ද සිදු වුණත්,  කෑම සැකසීමටම ඇයට ඇති සුවිශේෂී දක්ෂතා සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් හේතුවෙන් නැවත තරගය සඳහා අවතීර්ණ වෙන්න පුළුවන් වුණා.

සවින්ද්‍රි මේ තරගාවලියේදී ආව ගමන ගොඩක් සුවිශේෂී වෙන්නේ ඇය අපේ රටේ රස ලොවටම ගෙන ගිය නිසා කියලා කියන්න පුළුවන්.

ඒ වගේමයි ලාංකීය තරගකරුවෙක් MasterChef තරගයක අවසන් තිදෙනා අතරට තේරුණු පළමු අවස්ථාව මෙය වීමත් ලාංකික අපි කාට වුණත් අමතක කරන්න නම් බැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: