2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:02
‘Mrs. Sri Lanka World 2025’ ලෙස කිරුළ පැළඳි ඈ නමින්, ‘සබීනා තෝර්සන් යූසෆ්’ (Sabina T. Yousaf)
Mrs. Sri Lanka World 2025, අවසන් මහා තරගය පැවතියේ (02) පස්වරුවේ රත්මලානේ Stein Studio හිදී යි.
එහිදී වත්මන් ලෝක විවාහ රූ රැජින වන ‘Tshego Gaelae’ අතින් කිරුළු පැළඳි සබීනා, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින (Mrs. WORLD 2025) තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වනු ඇති.
‘Mrs. World’ යනු ලොව ප්‍රමුඛතම රූ රැජින තරගාවලිය වන අතර, එය විවාහකයින් සඳහා පැවැත්වෙන ලොව විශාලතම තරගාවලිය ද වේ.
‘Mrs. Sri Lanka World’ හි ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන්නේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහයි. ජාතික පුහුණුකරු ලෙස රුක්මාල් සේනානායක කටයුතු කරයි.
මෙවර Mrs. Sri Lanka අවසන් මහා තරගාවලියේ සුවිශේෂීත්වය නම්, වත්මන් විවාහක රූ රැජින Tshego Gaelae සේ ම ගෙවුණු වසරේ ලාංකේය විවාහක රූ රැජින හෙවත් Mrs. World 2024 දෙවන තැන දිනාගැනීමට සමත්වූ ඉෂාදි අමන්දා, සබීනාගේ හිස කිරුළු පැළඳීමට එක්ව සිටීමයි.
සබීනාට තවම 25යි
ශ්‍රී ලංකාවේ සහ ඩෙන්මාර්කයේ දිවිත්ව පුරවැසිභාවය දරන සබීනා යූසෆ්, තවමත් 25 හැවිරිදි වියේ පසුවන යුවතියකි.
ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරන ඇය විවාහ වී සිටින්නේ ඩෙන්මාර්ක් ජාතික Zakaria Yousaf සමඟයි. ලංකාවේ සංස්කෘතියට අනුකූලව ඉකුත් පෙබරවාරියේ පැවති ඇගේ විවාහ මංගල උත්සවය ද වඩාත් කතාබහට ලක්විය.
2016 වර්ෂයේ ‘යුරෝපයේ ලක් රූ රැජින’ සබීනා තෝර්සන්
සබීනා රූ කිරුළක් පැළඳි පළමු අවස්ථාව මෙය නොවේ. 2016 වසරේ ‘යුරෝපීය ශ්‍රී ලංකා රූ රැජින’ ලෙස කිරුළ පැළඳියේ ද ඇයයි. එවකට ඈ උසස් අධ්‍යාපනය ලබන යුවතියකි.
සබීනාගේ මව ශ්‍රී ලාංකීය වන අතර පියා ඩෙන්මාර්ක ජාතිකයෙකි.
සබීනා උසස් අධ්‍යාපනය හදරා ඇත්තේ ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලන හා කළමනාකරණය පිළිබඳවයි. ඇය තමන්ගේම කළමනාකරණ ආයතනයක් ද පවත්වාගෙන යන බව සඳහන්.
සමාජ මෙහෙවර
රූ කිරුළක් හිස පැළඳීම, හුදෙක් ‘රූපයට’ පමණක් සීමා නොවන්නකි.
ඊට පසුබිම් වන සමාජමය වටිනාකම් රැසකි. සබීනා ද සමාජ සුබ සාධන කාර්යයන් රැසකට සිය දායකත්වය සපයයි.
ඒ අතර ඇය සිය සුන්දරත්වය, පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සඳහා ප්‍රතිපාදන සොයාදීමට යොදවයි.
‘යුරෝපීය ශ්‍රී ලංකා රූ රැජින’ ලෙස කිරුළු පැළඳ, ලංකාවට පැමිණි ඈ එවකට කියා සිටියේ ලංකාව වෙනුවෙන් එයාකාරයෙන් දායකත්වය සැපයීම තමන්ගේ යුතුකමක් වන බවත් රට නඟා සිටුවීමට කුමන ආකාරයකට හෝ තමන් දායකත්වය ලබාදිය යුතු බවයි.
ඇයට අනුව සැබෑ ලස්සන යනු, බාහිරව පෙනෙන දෙයක් පමණක් ම නොවේ.
හැසිරීම, සමාජයට දක්වන ගෞරවය යනාදි සියල්ල ඊට අයත් වේ.
අධ්‍යාපනයට මුල් තැන
ඕනෑම අයෙකුට හිස පැළඳිය හැකි වටිනාම කිරුළ අධ්‍යාපනයයි.
ඒ අනුව සබීනා ද වැඩිපුරම ලැදියාවක් දක්වනුයේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.
නිරෝගී දිවිපෙවෙතක් පවත්වාගෙන යාමට කැපවෙන ඇය ව්‍යායාමවලට මුල්තැන දෙයි. ඒ අතර තමන්ට ලැබෙන විවේකය පවුලේ ආදරණීයන්, යහළු යෙහෙළියන් සමඟ ගත කිරීමට ඇය කැමතිය.
සබීනා දක්ෂ ක්‍රීඩාවක් ද වෙයි.
”මගේ සිහිනය සැබෑ වෙලා”
MRS. SRI LANKA WORLD 2025 ලෙස කිරුළු පැළඳීමෙන් පසුව සබීනා ජයග්‍රහණය පිළිබඳව අපූරු සටහනක් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබිණ.
ඒ, තමන් ජීවිත කාලය පුරාම දුටු සිහිනයක් සැබෑ වූ බව සඳහන් කරමින්.
”මට මෙය වචනවලින් කිව නොහැකියි. මගේ ජීවිත කාලය පුරාම තිබුණු සිහිනය සැබෑ වෙලා !
ඔබේ අලුත් Mrs. Sri Lanka World 2025 කිරුළ හිමිකර ගැනීමට ලැබීම මට සැබවින්ම ගෞරවයක්.
ඇදහිය නොහැකි කාන්තාවන් සමඟ ආඩම්බරයෙන් සහ ශක්තියෙන් එම වේදිකාවට පිවිසීමට ලැබුණු, ඊයේ දවස අමතක නොවන දවසක්.
සෑම තරගකාරියක් ම ඔවුන්ගේ උපරිමය කළා. එය අපේ කාන්තාවන්ගේ සුන්දරත්වය සහ ඔවුන්ගේ ධෛර්යය පිළිබඳ ප්‍රබල සැමරුමක්.
ශ්‍රී ලංකාව ලස්සන දූපතක් විතරක් ම නොවේ. අපි ශක්තිමත්, ආශ්වාදජනක සහ කැපී පෙනෙන මිනිසුන්ගෙන් යුත් ජාතියක්.
මෙම කිරුළත් සමඟ විශාල වගකීමක් පැවරේ.
ඒ අනුව අධිෂ්ඨානයෙන් යුතුව රට නියෝජනය කිරීමට කැපවෙන බවට මම පොරොන්දු වෙනවා.
විවාහක කාන්තාවන් සඳහා මෙම වේදිකාව නිර්මාණය කිරීම පිළිබඳව චන්දිමාල් ජයසිංහ හට හෘදයාංගම ස්තූතිය පුදකරනවා. ඔබ මගේ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස සිටීම මට ශක්තියක්.
ආරම්භයේ සිටම මා කෙරෙහි විශ්වාසය තබා මට මඟ පෙන්වූ රුක්මාල් සේනානායක හටත් හෘදයාංගම ස්තූතිය.
දුෂ්කරම අවස්ථාවන්හිදී මාව ඔසවා තබා මට ඉදිරියට යාමට හේතුවක් වුණු මගේ මගේ සැමියාට, මගේ මවට, මගේ පවුලේ අයට, මගේ මිතුරන්ට සහ මගේ ආධාරකරුවන්ට මා සමඟ සිටියාට ස්තූතියි.
මේ ජයග්‍රහණය ‘අපේ’
කිරුළ මට පමණක් නොව, ලාංකේය ජනතාවට ද හිමිය…”
උපුටා ගැනීමකි
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:05
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25