hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 13, ප.ව. 2:04



ඉන්දියාවේ ධනවත්ම ව්‍යාපාරිකයකු වන මුකේශ් අම්බානිගේ පුත්‍ර ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් අතර විවාහය ඊයේ මුම්බායි හි Jio World Convention Center හිදී සිදු වුණා.

මේ සඳහා ඉන්දියාවේ මෙන්ම විදේශයන් හි සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සහභාගී වන අතර ඔවුන් සම්ප්‍රදායික ඉන්දීය ඇඳුම් ආයිත්තම්වලින් සැරසී එයට එක්වුණා.

ආනන්ත් – රාධිකා යුවළගේ විවාහ ගිවිසගැනීම 2023 දෙසැම්බරයේදී සිදුවූ අතර ජනවාරියේ එය සැමරීමට දැවැන්ත සාදයක් පැවැත්වුණා.

මාර්තු මාසයේදී පූර්ව විවාහ සාදයක් පවත්වන ලද අතර මැයි මාසයේදී දෙදෙනාගේ යුරෝපා සංචාරයක් අතරතුර සුඛෝපභෝගී මගී බෝට්ටුවක තවත් උත්සවයක් පැවැත්වුණා.

මේ අතර මෙම විවාහය සැමරීමට සමගාමීව ජූලි 2 වනදා අවවරප්‍රසාද ලත් පවුල්වල යුවළ 50 කගේ විවාහ උත්සවයක් ද අම්බානි පවුල විසින් සංවිධානය කර තිබුණා.

ඉන් දින තුනකට පසු අම්බානි පවුල විසින් සම්ප්‍රදායික සංගීත උළෙලක් ද සංවිධානය කරනු ලැබ තිබුණා.

මේ සියළු උත්සව අවසානයේ ප්‍රධාන විවාහ උළෙල ජූලි 12 ඇරඹෙන අතර අද දිනයේ ආශිර්වාද පූජාවක් ද ඉරිදා දිනයේ අවසාන සාදයක් ද පවත්වනු ලබනවා.

අම්බානි පවුලේ බාල පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ලොව නන් දෙසින් බොහෝමයක් පිරිස් ආරාධනා ලැබ තිබුණා.

ඒ අතර කැපී පෙනුණු ලාංකික යුවළක් තමයි නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ආදරණීය බිරිඳ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: