hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජනවාරි 17, ප.ව. 12:03



අරගලයට සම්බන්ධ වු අය මැතිවරණවලට එන විට පොදුජන පෙරමුණ සමඟ එක්ව සන්ධාන ගත වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ ඊයේ (16) නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව හරහා ෆේස්බුක් ලයිව් ඔස්සේ ජනතාව හමුවට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී නාමල් රාජපක්ෂ මහතා අරගලයේ ක්‍රියාකාරී සාමජික අනුරාධ බණ්ඩාර යොමු කළ පැනයකට ද පිළිතුරු ලබා දුන්නා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අනුරාධ බණ්ඩාර එවලා තියෙනවා. ජීවත්ව සිටියදී වැඩිම ජනතා ශාපයක් ලද දේශපාලුවා ලෙස නාමල් රාජපක්ෂ ගිනස් පොතට එක්වීමේ අවදානමක්. නැහැ මම හිතන්නේ අපේ රටේ මේ බොහෝ වෙලාවට ඒ අනුරාධ මල්ලිට මම කියන්නේ ඔය වයස් වලදී අපිත් එහෙම තමයි. අපි ඉස්සෙල්ලාම පටන් අපේ සිස්ටම් එක ඇතුලේ තියෙන ක්‍රමවේදයක්. අපි ඉස්සෙල්ලාම පටන් ගන්නේ විභාගයේ පේපර් එක මාත් කරන එක්කෙනාට බැනලානේ.

අපේ අධ්‍යාපනය ලැබිච්ච දායාදයක් ඒක. හැබැයි ඉතින් ඒ කෙසේ වෙතත් මං හිතන්නේ මොන කාරණය ආවත් ඕනෑම කෙනෙක්ට කතා කිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම ඒ කතා කරනවා වගේම ඒ ඕනෑම කෙනෙක්ට ඒ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ අදහස් ප් රකාශ කිරීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. හැබැයි අදහස් ප්‍රකාශ කිරීමේදී තවත් කෙනෙක්ට අ හානියක් නොවන ආකාරයේ පෞද්ගලිකත්වයට හානියක් නොවන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම තමයි සාමාන් යයෙන් සමාජ ක්‍රමවේද. හැබැයි ඉතින් මේ අනිත් පැත්තෙන් අපි දේශපාලනඥයන්ට බනිනවා නේ, දෙන පොරොන්දු ඉටු කරන්නේ නැහැ කියලා. ඒ වගේම මම හිතන්නේ අරගලයේ හිටපු තරුණයොත් යම්කිසි අවධානයක් යොමු කරන්න වෙයි, ඔබ අරගල කරපු කාලයේදී පොරොන්දු බොහොමයක් තියෙනවානේ. දැන් උදාහරණයකට පොලිසියේ නිලධාරියෙක් ආවා, යුනිෆෝම් එකයි, හෙල්මට් එකයි ගලවලා.

ඒ මනුස්සයට දවස්, රුපියල් හැත්තෑ පන්දාහක රැකියාවක් දෙනවා කිව්වා පහුවදාම. මට ආරංචියක් ආවා ඇඹිලිපිටිය පැත්තේ පතලක වැඩ කරනවා කියලා කුලියට. ඉතින් මම හිතන්නේ මේ තරුණයෝ එකතුවෙලා ඒ මහත්මයාට යම්කිසි සාධාරණ රැකියාවක් ලබා දුන්නොත් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම stf එකේ සහෝදරයෙක් අරගලයට සම්බන්ධ වුණා. පහුවදාම ලියුම ඇවිල්ලා රස්සාව අහිමි වෙලා දැන් රැකියාවක් නැතුව ගෙදර ඉන්නවා. ඒ වගේම මම දැක්කා ඔබතුමාලා එක්කම ඔය සහෝදරවරු එක්කම මේ මල්ල එක්කම අරගල කරපු තවත් තරුණයෙක් දාලා තියෙනවා. ඒකට අධ්‍යාපනයට උදව් කරන්න. එහෙම නැත්නම් මොකක් හෝ රැකියාවක් ලබා දෙන්න කියලා. මේ අපේ මාතර පැත්තේ මල්ලි කෙනෙක් දාලා තිබ්බේ. ඉතින් මං හිතන්නේ ඔබ අරගල කරනකොට එකට හිටියා වගේ, අරගලයෙන් පස්සෙත් ඒ දරුවෝ අතහරින්නේ නැතුව ඒ අයට යම්කිසි සහනයක් ලබා දෙන්න. මොකද ඒ කාලේ වෙච්ච පොරොන්දුනේ. ඒ කාලේ ඒවා ලයිව් ගියා, කමෙන්ට් ගියා මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා කිව්වා. අපි එකට ඉමු මචං කිව්වා. අපි එක සෙට් එකක් කිව්වා.

ඉතින් මම හිතන්නේ ඒවා දැන් අමතක කරන්නේ නැතුව. මොකද දැන් මැතිවරණවලට එන කොට නිර්පාක්ෂික අයත් පක්ෂවලට බැඳිලා තියෙනකොට ඒ පක්ෂත් අපේ පොහොට්ටුවත් එක්ක සන්ධාන ගත වෙලා ඉන්නකොට, වක්‍රව හෝ අ හිතට අමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ජීවිතේ. ඉතින් මම හිතන්නේ කමෙන්ට්ස් වලින් සමාජ මට්ටම, මානසිකත්වය සමාජයේ තියෙන ගැටළු අවබෝධ කරගන්නේ නැතුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්තොත් බොහෝ දේවල් මේ රටේ වෙනස් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ කමෙන්ට් වලින් අරගල කරන්න ගිහිල්ලා තමයි අවසානයේ බලාපොරොත්තු නොවිච්ච ප්‍රතිඵලයක් අරගලයෙන් ලැබුණේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: