2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
නිල්මිණී තෙන්නකෝන් – සමිතා මුදුන්කොටුව කියන්නෙ අපේ කලා ක්ෂේත්‍රයේ අපූරු යෙහෙළියන් දෙදෙනෙක්.
දෙන්නගෙ යාළුකම කාලයක් ඈතට දිවයනවා.
ඒ යාළුකම ගැන, නිල්මිණී තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවෙහි අපූරු සටහනක් තබා තිබුණා.
”අම්බෝ මට සිංදු කියන්න නම් බෑ, ඊයේ සනත් අයියාගේ උපන්දිනයට ජානකී ආරාධනා කරා.
සමිතා මට සිංදු කියන්න කියලා වදම දුන්නා. සමිතා මුදුන් කොටුව කියන්නේ මං ආස කරන හඬක් තියෙන ගායිකාවක්.
ඒ විතරක් නෙමෙයි ඇය හොඳ කෙනෙක්. 1992 මම සමිතව මුණ ගැහෙන්නෙ.. අපි ඉතාම ළඟින් ඇසුරු කරනවා.
ඇය 93 විවාහ වෙනවා. මම95 විවාහ වෙනවා. ලස්සන අතීතයක් තිබුණා. අපි කෑම උයාගෙන ඒගොල්ලන් ගෙදර යනවා.
මම දුව ලැබෙන්න ඉන්නකොට සමිතා රසට කෑම හදාගෙන අපේ ගෙදර එනවා. අපි හිටියේ රත්මලානේ අපේම මුදල්වලින් ගත්ත ගෙදරක.
එතකොට සමිතා පදිංචි වෙලා හිටියේ නාවල. ඇය කියනවා අපිටත් නාවලට එන්න කියලා පදිංචියට. ඇත්තටම අපි ආස වුණා.
ඒකට ඕන කරන මුදල් මදි.. ඒත් ඇයගේ උත්සාහය අත්හැරියේ නෑ. අපි උනන්දු කරලා මිරිහානේ ඉඩමක් පෙන්නුවා ගෙනල්ලා.
අපි පදිංචිවෙලා හිටපු ගෙදර විකුණලා මෙතන ගේ හදන්න කියලා පුදුම විදිහට උනන්දු කරා ගෙවන ක්‍රමයට හදාගන්න 2001 අවුරුද්දේ..
2003 වෙනකොට ගේ හදලා ඉවර කරා. ඇය කිව්ව විදියටම හිටපු ගෙදර විකුණුවා.
ඉතින් මං මේක ලියන්න හේතු වුණේ අපි, අපි, හමු වුණු අපි, අද මම ඇය කාලෙකින් හමුවුණත්
මට කවදාවත් ඒ කළ උදව්ව අමතක වෙන්නේ නැහැ. ඇය මට ඉතා හොඳ සොහොයුරියක්….”
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:31
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:06
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 2:47
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25