2022 ජූලි 28, ප.ව. 9:38
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තා.
ඊට සුළු මොහොතකට පෙර පැතුම් කර්නර් ලයිව් වීඩියෝවක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
තමන් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ සිටින බවයි පැතුම් එහි සඳහන් කරන්නේ.
තවදුරටත් ඔහු සඳහන් කළේ,
“කොළඹ අපරාධ කොට්ඨාශයට ඇවිත් ඉන්නෙ මම. අපි ප්රජාතන්ත්රවාදී අරගලයක් කළා. දැන් තියෙන්නෙ රාජ්‍ය මර්දනය. මේක මෙහෙයවපූ කට්ටියට දැන් මඩ ගහනවා. ජනතාවගෙන් ඒ නායකයින් ඈත් කරනවා. එහෙම වුණාම ඒ නායකයින් දඩයම් කරන්න ලේසියි. ඉතින් තීරණය ඔබේ අතේ. ඔබට අලුත් නායකයින් ඕනේ ද ? මේ අරගලයෙන් මතුවෙච්ච නායකයින්ට ඔබේ සහය දෙන්න. එළියට ආවොත් විස්තරේ කියන්නම්..”
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05