hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 06, පෙ.ව. 10:49



පිළියන්දල මිරිස්වත්ත ඉන්ධන පිරවුම්හලට සිවිල් ඇඳුමින් සැරසී පසුගිය 30 වනදා ගුවන් හමුදා සෙබළුන් පිරිසක් අදාළ පිරවුම්හලේ හිමිකාරිනියට සහ කළමනාකරුට තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

එම පිරිස නැවත වරක් ගුවන් හමුදා නිල ඇඳුමෙන් ද පැමිණ තිබෙනවා.

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු සහ එහි ආරක්ෂාවට යොදවා සිටි සෙබළුන් කිහිපදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් පසු මෙය සිදු වී තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිනිය විසින් පිළියන්දල පොලීසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.