hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 මාර්තු 22, පෙ.ව. 12:26



නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබේ. 

පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල ඊයේ (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

උසාවියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පියුමි හංසමාලි සඳහන් කළේ තමන් ක්‍රීම් සෑදීමට ඉගෙන ගෙන ඇති බවත් තමන්ට ඒ පිළිබඳව උපාධියක් පවා ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: