2024 ජූනි 20, ප.ව. 1:57
සංවිධානාත්මක අපරාධ හරහා සැක සහිත ලෙස ඉපයූ වත්කම් සහ ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි ගණනක දේපළ හිමි බවට චෝදනා ලැබ සිටිනා පියුමි හංසමාලී නම් නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා ලබා දී ඇත.
මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය විසින් කළ ඉල්ලීමක් අනුව බව වාර්තා වෙනවා.
සංජය මහවත්ත ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපතිවරයා විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
මේ ආකාරයෙන් තමන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට පියුමි හංසමාලි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කිහිපයක් තබා තිබුණා.
ඇය එහි එක සටහනක තබා තිබුණේ තමන්ට බැංකු ගිණුම් 19ක් පවතින බවට සඳහන් ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයක් බවයි.
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24