hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 12:59



ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගැනීමට තමන්ද මූලික වූ බවත් තමා වෙනුවෙන් ඇමරිකාව බලාගෙන සිටින බවත් ජෙරම් ක්‍රියා ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.

ආසියානු කුසලාන ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහු මේ බව කියා සිටියේ එම ආගමේ විශේෂ සමුළුවක් අමතමින්.

එහිදී තමාට ඇමරිකාවෙන් ඉතා ලොකු මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතින බවද පියතුමා කියා සිටියා.

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තව වසර 05ක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවද පැවසුවා.

එම සමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂද සහභාගී වී සිටියා.