2022 ජූලි 21, ප.ව. 3:04
පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්.
ලාස් වේගාස් වල තිබුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ඇය ගැන ඇතිවුණු කතා බහ ලංකාවේම අවධානය දිනාගන්නට සමත් වුණා.
පුංචි පුතෙක් ඉන්න පුෂ්පිකා සමාජ මාධ්‍යවල විවිධ පුවත් මවන්නට සමත් වුණා.
තමාට හිමිවූ ස්ථානය ගැන ඇය බොරු කියු බවත් එහිදී ඇයට විවිධ පුද්ගලයින් කුමන්ත්‍රණය කල බවත් ඇය සදහන් කලා.
ඒ වෙනුවෙන් ඇය පිලිබදව ලංකාවේ විවිධ පුද්ගලයන්ගේ විවේචනයන්ට හසුවන්නට ඇයට සිදු වුණා.
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට සහ රෝසි සේනානායක මහත්මියගේ කුමන්ත්‍රණයක් නිසා ඇය මේ තත්වයේ ඉන්න බවයි ඇය පැවසුවේ.
දැන් දැන් ඇය කරළියට ඇවිත් තියෙනවා.
ඊයේ දවසේ රනිල් වික්‍රමසිංහ මහතා 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ පුෂ්පිකා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමටත් සටහනක් එක් කර තිබුණා.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 8වන විදායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට සුභ පැතුම් එක් කරමි. රටේ වර්තමාන අර්බුද තත්ත්වය උදෙසා සිටින හොදම විසදුම මෙතුමන් වන අතර, අනෙකුත් පක්ෂ සියල්ල එක් වී, රටේ තරුණයින්ගේද සහය ඇතිව රටෙහි දියුණුව උදෙසා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.
– පුෂ්පිකා ද සිල්වා
2025 මාර්තු 14, පෙ.ව. 12:29
2025 මාර්තු 14, පෙ.ව. 12:10
2025 මාර්තු 14, පෙ.ව. 12:06
2025 මාර්තු 14, පෙ.ව. 12:03
2025 මාර්තු 14, පෙ.ව. 12:02