hit counter

2025 මාර්තු මස 02 වන ඉරිදා

2022 නොවැම්‍බර් 09, පෙ.ව. 5:18



ඇතැම් සමාජමාධ්‍ය ජාලා සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන්ට එරෙහිව ප්‍රවීන මාධ්‍යවේදී රංගනද සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.

සිය බිරිඳ වන ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිෂ්පාදිකා නිශාන්ති දිල්රුක්ෂි මහත්මිය සමග පැමිණි රංගන ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

රංගන ද සිල්වාගේ බිරිඳ නිශාන්ති දිල්රුක්ෂි එම පැමිණිල්ලෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමා සහ සැමියා ඉතා සාර්ථක ලෙස පවුල් ජීවිතය ගත කරන බවයි.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මම ඉතාම සන්තෝසයෙන් කියනවා රංගන ඉතාම හොඳ ආදරණීය සැමියෙක්. අපේ පවුලේ අම්මා, තාත්තා, දරුවා සහ රංගනගේ අම්මා, තාත්තා සහ අපි ඔක්කොම එකට ඉන්නේ. හරිම සාමකාමී විදියට සමාජයට ආදර්ශයක් වෙන විදියට තමයි අපි ජිවත් වෙන්නේ. ඒ නිසා ඒ ගැන ප්‍රේක්ෂකයෝ හිතනවා නම් වැරදි විදියට ඒ කිසිම ගැටලුසහගත තත්ත්වයක් අපි අතරේ නැහැ. ඉතාම සාර්ථකව සාමකාමිව ඉතාම හොඳ ගමනක් අපි යන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: