2022 අගෝස්‍තු 29, පෙ.ව. 9:25
ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපන ලබන දෑත් සහ පාදයක් අහිමි රශ්මි නිමේෂා ගුණවර්ධන සිසුවිය මෙවර අපොස උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිට ඒ සාමර්ථ තුනක් හිමි කර ගැනීමට සමත් වී වී තිබෙනවා.
ඇය දිස්ත්‍රික් මට්ටමින් 156 වැනි තැනට පත් වන්නේ සිය අඩුපාඩු කම් නොසලකා මෙරට සමස්ත දරු පරපුරට ආදර්ශයක් දෙමින්.
වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගය ලියූ එම දියණිය අර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් තුනටම A සාමර්ථ්‍ය හිමි කර ගත්තා.
නිමේෂා දියණිය සාමාන්‍ය පෙළ විභාගයටද A සාමර්ථ්‍ය 8ක් සහ B සාමර්ථ්‍යයක් ලබා තිබෙනවා.
දමිළ විෂය සඳහා ඇය මෙසේ B සාමර්ථ්‍යයක් හිමි කර ගෙන තිබෙනවා.
ඇයගේ මව්පියෝ ගුරු වෘත්තියේ නියැළෙනවා.
දෑත් සහ පාදයක් අහිමි වුවද ඇය ගායනය ඇතුළු බාහිර ක්‍රියාකාරකම් රැසකට දක්ෂ වන අතර ඒක පුද්ගල සංගීත සංදර්ශන කිහිපයක් ඇය පවත්වා තිබෙනවා.
2025 මාර්තු 18, ප.ව. 2:31
2025 මාර්තු 18, ප.ව. 1:42
2025 මාර්තු 18, පෙ.ව. 10:52
2025 මාර්තු 18, පෙ.ව. 12:30
2025 මාර්තු 18, පෙ.ව. 12:15