2025 මැයි 15, පෙ.ව. 12:10
ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන, R.A.T 403 ටෙලි නාට්‍යයේ දර්ශනයක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ අදාළ ටෙලි නාට්‍යයේ එක් කොටසකට යොදාගන්නා ලද වීඩියෝවක් සම්බන්ධවයි.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් එල්ලව ඇති අතර, ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට R.A.T 403 නිෂ්පාදක කණ්ඩායම ද කටයුතු කර තිබෙනවා.
එම කරුණු පැහැදිලි කිරීම තුළින් නිෂ්පාදක කණ්ඩායම අවධාරණය කර ඇත්තේ මෙම නාට්‍ය සයිබර් අපරාධ සම්බන්ධව සමාජය දැනුම්වත් කිරීම සඳහා නිෂ්පාදනය කෙරෙණ නාට්‍යයමාලාවක පළමු නිෂ්පාදනය වන බවත් අදාළ දර්ශනය එම සන්දර්භය තුළ අවශ්‍ය වූවක් වන හෙයින් අන්තර්ජාලයෙන් ලබාගෙන බොඳ කිරීමෙන් පසු ඇතුළත් කළ දර්ශනයක් වන බවයි.
එමගින් කිසිදු පාර්ශ්වයක් චේතනාන්විතව අගතියට පත් කිරීමේ අරමුණක් නිෂ්පාදන කණ්ඩායමට නොතිබූ බවත් සඳහන් කර තිබෙනවා.
සම්පූර්ණ සටහන පහතින්,
”2025.05.12
ස්වාධීන රූපවාහිනී (ITN) නාලිකාවේ 2025.05.11 වන දින විකාශය වූ R.A.T 403 ටෙලිනාට්‍යයේ දර්ශනයක් සම්බන්ධවයි
2025.05.11 වන දින ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ, අප නිෂ්පාදන කණ්ඩායම විසින් නිෂ්පාදනය කරන ලද R.A.T 403 ටෙලි නාට්‍යයේ දර්ශනයක් පිළිබඳ මේවන විට විවාදාපන්න තත්ත්වයක් මතු වී තිබෙන අතර, එම දර්ශනය හේතුවෙන් අපහසුතාවට පත්වූ, සමාජ මාධ්‍යයන්හි උපුටා දැක්වෙන අයද ඇතුලත්ව, අගතියට පත් සියළු පාර්ශ්ව වෙත අපගේ බලවත් කණගාටුව ප්‍රකාශකර සිටිමු.
මෙම නාට්‍යය සයිබර් අපරාධ සම්බන්ධව සමාජය දැනුම්වත් කිරීම සඳහා නිෂ්පාදනය කෙරෙණ නාට්‍යයමාලාවක පළමු නිෂ්පාදනය වන අතර, අදාළ දර්ශනය එම සන්දර්භය තුළ අවශ්‍ය වූවක් බවත්, එම නිසා අන්තර්ජාලයෙන් ලබාගෙන බොඳ කිරීමෙන් පසු ඇතුළත් කළ දර්ශනයක් බවත්, කිසිඳු පාර්ශ්වයක් චේතනාන්විතව අගතියට පත් කිරීමේ අරමුණක් අප නිෂ්පාදන කණ්ඩායමට නොතිබූ බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.
දර්ශනය විකාශය වූ විගස, සමාජ මාධ්‍ය තුළ ගොඩ නැංවුණ සංවාදයට ගරු කරමින්, YouTube නාලිකාව තුළ එම දර්ශනය තවදුරටත් සංස්කරණය කිරීමට පියවර ගත් අතර ඉදිරියේදී යළිත් මෙවැනි ආකාරයේ සිදුවීමක් සිදු නොවීමට වගබලා ගන්නා බවට අපි සහතික වන්නෙමු.
තවද R.A.T 403 නිර්මාණයේ වගකීම නිෂ්පාදක කණ්ඩායම සතුවන අතර එක්එක් රංගන ශිල්පියා සතු නොවන බව ද අවධාරණයකර සිටිමු.
ටෙලි නාට්‍යය විකාශය වූ වහාම මේ පිළිබඳ දැනුම්වත් කරමින්, සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ගොඩනැගීමට කටයුතු කළ සියලුදෙනා හට අපගේ ස්තූතිය පිරිනමමු.
තවද, මේ සම්බන්ධව ඉදිරියේදී සිදුවන ඕනෑම කටයුත්තකදී අපගේ පූර්ණ සහයෝගය ලබා දීමට ද අපි බැඳී සිටිමු.
අදාළ දර්ශනය සම්බන්ධව මතුවන ඕනෑම විවේචනයක් අප බාර ගන්නා අතර, අගතියට පත් පාර්ශ්වය තවදුරටත් අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම සඳහා එම දර්ශන සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීමෙන් වැළකී සිටින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
R.A.T 403 නිෂ්පාදක කණ්ඩායම”
2025 මැයි 15, පෙ.ව. 12:08
2025 මැයි 15, පෙ.ව. 12:05
2025 මැයි 14, පෙ.ව. 12:12
2025 මැයි 14, පෙ.ව. 12:09
2025 මැයි 13, ප.ව. 1:47
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
13-05-25
13-05-25
13-05-25
13-05-25