hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 අප්‍රේල් 18, පෙ.ව. 2:09



හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතාද නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඒ තමන්ටද අමාත්‍ය ධූරයක් අවශ්‍ය නැති බවට.

පරස්පර මතයක

එහෙත් දැනගන්නට තිබෙන ආකාරයට ජනපතිවරයා හිටපු ඇමැතිවරු සමග පැවැත්වූ සාකච්ඡාවේදී වීරසේකර මහතා දරා තිබෙන්නේ ඊට පරස්පර මතයක්.

රාජ්‍ය ඇමති ධූර දරන තරුණ පිරිසකට කැබිනට් ඇමති ධුර ලබාදීමට එම සාකච්ඡාවේදී යෝජනා වී තිබෙනවා.

ඊට එම රැස්වීමට සහභාගි වූ හිටපු ඇමතිවරු සියල්ලන්ම පාහේ කැමති වෙද්දි 71 වැනි වියේ පසුවන වීරසේකර මහතා පමණක් සිය අකමැත්ත පළ කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඉල්ලා අස් වීම

ඉකුත් 4 වැනිදා කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඇමතිවරු සිය ධූරවලින් ඉල්ලා අස් වූ අවස්ථාවේද එසේ ඉල්ලා අස්වීම වීරසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බවත් දැනගන්නට තිබෙනවා.

එය මුල් කොටගෙන ඔහු සමග මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගැටුමකට පවා මුලපිරූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වීරසේකර මහතා මහජන ආරක්ෂක ඇමති ධුරයේ කටයුතු කළ ආකාරය පිළිබඳව ජනතාව තුළ තිබෙන්නේ අප්‍රසාදයක්.

එමෙන්ම ඔහුගේ ඇතැම් ක්‍රියාකලාපයන් බොහෝ විට හාස්‍යයටද ලක් වුණා.