hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:11



ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීමට නම් ආණ්ඩුවක් අවම වශයෙන් වසර දහයක්වත් අඛණ්ඩව පවතින බවට අවස්ථාව ලැබිය යුතු බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා.

ආණ්ඩුව බලයට පත්වී වසරක් හෝ දෙකක් ගතවන විට මාර්ග ඉදිකිරීම ඇතුළු විවිධ සංවර්ධන කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද, සියලු කටයුතු එකවර සිදුකිරීම ප්‍රායෝගික නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම, පවතින රාජ්‍ය නිලධාරීන් සමඟ සියලු කටයුතු ඉටු කිරීමේ අභියෝගය ද ආණ්ඩුවට පවතින බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මහපොළොවේ ජීවත් වූ මහජන නියෝජිතයන් ලෙස ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු පිළිබඳව මනා අවබෝධයක් පවතින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: