2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:31
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම හෝ තබා ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ සිය මහා සංඝ සභාවට පමණක් බව පවසමින්, ඒ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කෝට්ටේ රාජමහා විහාරයට පැමිණෙන ලෙස මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ආරාධනයක් සිදු කර තිබේ.
අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය ඇතිව, එම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමිපාණන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපිය යොමු කර ඇත.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අයත් වන්නේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට බවත්, උන්වහන්සේගේ සිවුර රඳවා ගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ නෛතික හා විනයානුකූල බලය පවතින්නේ සිය සංඝ සභාව සතුව බවත් එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
උන්වහන්සේ සිවුරු පිටින් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවට සිය සංඝ සභාව දැරූ ස්ථාවරය මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දුන් බවත්, එහි පිටපතක් ජනාධිපතිවරයා වෙත ද යොමු කළ බවත් උන්වහන්සේ සිහිපත් කරති.
එසේ තිබියදී, සිය මහා සංඝ සභාව සහභාගී කර නොගෙන පසුගිය ඔක්තෝබර් 08 වන දින වෙනත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිරිසක් සමඟ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් පවත්වා ඇති බව මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණු බව එම ලිපියේ සඳහන් වේ.
කෙසේ වෙතත්, අදාළ ගැටලුව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බව සිය මහා සංඝ සභාවේ විශ්වාසය බව පෙන්වා දෙන අනුනායක හිමියෝ, මෙය සමස්ත මහා සංඝරත්නයටත් බෞද්ධ සමාජයටත් බලපා ඇති අතිශය සංවේදී ගැටලුවක් බව අවධාරණය කරති.
එබැවින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන විෂයභාර අමාත්‍යවරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සමඟ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ ශ්‍රී මංගල උපෝසථාගාරය වෙත පැමිණෙන ලෙස අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:05
2026 ඔක්තෝබර් 11, පෙ.ව. 12:04
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26