hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:17



ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට මුහුණදෙන බවත්, එය පැවැත්වීමට නොහැකි වුවහොත් 2029 ජනාධිපතිවරණය තම පාර්ශ්වයට මීළඟ මැතිවරණය වන බවත් ඔහු සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා විවිධ පාර්ශ්ව බලපෑම් කළද, ඊට අදාළ නීතිමය කටයුතු නිවැරදි කරගත යුතුව ඇති බවත්, නීතිමය රාමුවෙන් ඔබ්බට යා නොහැකි නිසා එම කටයුතු කඩිනමින් අවසන් කර හැකි ඉක්මනින් ඡන්දයක් තැබීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පෙන්වා දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක රට පුරා සංචාරය කරන අවස්ථාවල ජනතාව අතර මහත් ප්‍රසාදය දැකගත හැකි බවත් එම ජනතා කැමැත්ත මැතිවරණයකදී ජනවරමක් ලෙස පෙන්වීමට තමන් කැමති බවත් ප්‍රසන්න ගුණසේන වැඩි දුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: