hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07



ඉදිරි අයවැයෙන් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන බව වාර්තා වේ.

එහිදී විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට එම අයවැයෙන් අවදානම් දීමනාවක් මෙන්ම විද්‍යුත් යතුරු පැදි ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ බැංකු හා මූල්‍ය ආයතනවල නිලධාරීන් කුරුණෑගල දී හමුවු අවස්ථාවේදීයි.

එමෙන්ම විශ්‍රාමිකයන් සඳහා ද සහන ලබාදීමට නියමිත බව සඳහන්.

මේ අතර එහිදී පාතාලය හා මත්ද්‍රව්‍ය රටට ගලා ඒම වැළැක්වීම සඳහා පියවර ගනිමින් සිටින ආකාරය ද පැහැදිලි කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: